කැලින් බේබි සබන් මිලදී ගැනීමේදී සහ භාවිතයේදී සැලකිලිමත් වන ලෙස දැනුම් දීමක්
වෙළෙඳ පොලේ ඇති කැලින් බේබි (Calin Baby) යන සබන් වර්ගය මිලදී ගැනීමේදී හා භාවිත කිරීමේදී වඩාත් සැලකිළිමත් වන ලෙස මහජනතාවට දැනුම් දෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පවසයි.
මෙම කැලින් බේබි සබන් නිෂ්පාදනයේ සටහන් TFM අගය එම නිපැයුම්වල ලේබලයේ සටහන් TFM අගය නොමැති බව සනාථ වීම ඊට හේතුව බව එම අධිකාරිය පවසයි.
එම අධිකාරිය මගින් අද දිනයේදී ප්රසිද්ධ පුවත්පත් තුළ පළ කළ නිවේදනයක සඳහන් වෙයි.
ඒ අනුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතෙහි 60 වගන්තිය සමග කියවිය යුතු (6) උප වගන්තිය යටතේ මහජනතාව වෙත මෙම දැනුම් දීම කරන බව එහි සඳහන් ව තිබේ.
මහනුවර, වැරුල්ලගම, අලදෙණිය ලිපිනයේ පිහිටි ඩෙලමා ලංකා (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන කාණ්ඩ අංක CBAPE002 දරණ නිෂ්පාදනවල මෙලෙස නියමිත TFM අගය නොමැති බවට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් 2024.07.06 දින මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබී ඇත.
මේ සම්බන්ධයෙන් ඩෙල්මා ලංකා (පුද්ගලික) සමාගම හබ කිරීමකින් තොරව වරද පිළිගෙන ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 41