Tata Motors සහ DIMO සහයෝගීතාවයෙන් Tata Xenon Yodha Pickup ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Tata Motors විසින් එහි බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම සමඟ එක්ව නවතම Tata Xenon Yodha රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී.

බහුකාර්ය සහ විශ්වසනීය Pickup රථ සඳහා ඉහළ යමින් පවතින වෙළෙඳපල ඉල්ලුම හඳුනාගනිමින් ඊට සරිලන විසඳුමක් ලෙස මෙම රථය හඳුන්වාදීම සිදු කෙරිණි.

ශක්තිමත් බවෙන් සහ ආකර්ෂණීය පෙනුමකින් නිමවුණු Tata Xenon Yodha රථය සුවපහසු බව සහ ආරක්ෂාව සහතික කරන අතර, පවුලේ වාහනයක් ලෙස යොදාගැනීමට සහ ව්‍යාපාර කටයුතු පහසුවෙන් සිදුකරගැනිමට අවස්ථාව ලබාදෙයි.

නවීන Tata Xenon Yodha රථය එකලස් කරනු ලැබුවේ ද ශ්‍රී ලංකාවේ ‘DIMO Batta’ ලෙස ප්‍රසිද්ධියට පත් Tata Ace රථය එකලස් කරන ලද වැලිවේරියේ පිහිටි DIMO Vehicle Assembly මධ්‍යාස්ථානයේදීය. නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය පවත්වා ගනිමින් මෙම මධ්‍යස්ථානය තුළ අදාළ නිර්ණායකයන් සහ ප්‍රමිතීන් නිසි පරිදි අනුගමනය කරනු ලබන අත‍ර වත්මන් පාරිභෝගික අවශ්‍යතාවන් හොඳින් අවබෝධ කර ගනිමින්, වෙනස් වන වෙළෙඳපල ඉල්ලුම සඳහා උපාය මාර්ගිකව නව නිෂ්පාදන හඳුන්වාදීම ද සිදු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Tata Motors වාණිජ වාහන අංශයේ ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී අනුරග් මෙරෝත්‍රා මහතා මෙසේ සඳහන් කළේය. “ප්‍රමුඛ පෙළේ වාණිජ වාහන සන්නාමයක් ලෙස, දිනෙන් දින වෙනස් වන පාරිභෝගික රුචිකත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක් අප සතුව පවතිනවා. ඒ ඔස්සේ උසස් ගණයේ ප්‍රවාහන පහසුකම් හඳුන්වාදෙමින් පාරිභෝගික ජනතාවට ගැළපෙන විසඳුම් ලබාදීමට අපි කැපවී සිටිනවා. අවම පිරිවැයක් සහිතව උසස් කාර්ය සාධනයක් අපේක්ෂා කරන පාරිභෝගිකයන්ගේ ඉල්ලීම්වලට ගැළපෙන පරිදි නව Tata Xenon Yodha රථය නිර්මාණය කර තිබෙනවා. DIMO සමාගම සමඟ දශක හයක් පුරා අප පවත්වාගෙන පැමිණි හවුල්කාරිත්වය ඔස්සේ ඉදිරියටත් ගුණාත්මක සහ විශිෂ්ට විකුණුම් අත්දැකීමක් සහ සේවාවක් මෙරට පාරිභෝගික ජනතාවට ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”

“Tata Motors සමඟ සහයෝගීතාවයෙන් දේශීයව එකලස් කරන ලද Tata Xenon Yodha රථය හඳුන්වාදීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම මෝටර් රථය සතු කල්පැවැත්ම, ඉන්ධන කාර්යක්ෂමතාවය, සුවපහසුබව, සහ ආරක්‍ෂාකාරීබව ඔස්සේ පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලීමට හැකිවෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙය දෛනික ගමන්බිමන් සහ ව්‍යාපාරයේ ප්‍රවාහන කටයුතු යන අවශ්‍යතා ද්විත්වය සඳහාම බාධාවකින් තොරව භාවිත කිරීමට හැකි අතර මෙරට පාරිභෝගික ජනතාවගේ නොයෙක් ආකාරයේ ප්‍රවාහන අවශ්‍යතා මේ ඔස්සේ සපුරාලනු ලබනවා. Tata Xenon Yodha රථය වැලිවේරියේ පිහිටි DIMO Vehicle Assembly මධ්‍යස්ථානයේදී එකලස් කරන ලද අතර මෙය ශ්‍රී ලංකාවේ වාහන අනුබද්ධ කර්මාන්තයේ වර්ධනයට මෙන්ම නව රැකියා අවස්ථා උත්පාදනයටද දායක වෙනවා. එමන්ම දිවයින පුරා මධ්‍යස්ථාන 17ක් සමඟින් අපගේ පාරිභෝගිකයන් වෙත උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවාවක් සැපයීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා.” යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්‍ෂක රජීව් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේය.

මෙම Pickup රථය 4×2 සැකසුමකින් ලබාගත හැකි අතර කිලෝග්‍රෑම් 1250ක බරක් ප්‍රවාහනය කිරීමේ පහසුකම් සහිත වේ. මෙම රථය ලීටර් 3ක ඩීසල් එන්ජිමකින් බලගැන්වෙන අතර එය 85hp සහ 250Nm බලයක් (Torque) ලබාදෙයි. එමෙන්ම මෙය එම කාණ්ඩයේ ඉහළම ඝනකමකින් යුත් චැසියක් සහිත රථය වේ. මෙහි ඇති ශක්තිමත් ඉදිරිපස ඉහළ කොටස සහ ගුණාත්මක බවින් වැඩි උසස් ලෝහ තුළින් රථයේ උපරිම ආරක්ෂාව සහ දිගු කල්පැවැත්ම සහතික කරයි.

එමෙන්ම මෙහි අන්තර්ගත මිලිමීටර් 210 බිම් නිෂ්කාශනය ( Ground clearance) මඟින් මෙහෙයුම් කටයුතු වැඩි දියුණු කරන අතර එය වැඩි බරක් ප්‍රවාහනය කිරීමට මෙන්ම අපහසු මාර්ගවල ගමන් කිරීමට ද උපකාරී වේ. මාස 18ක හෝ කිලෝමීටර් 100,000ක පූර්ණ වගකීමක් නවතම Tata Xenon Yodha සඳහා හිමිවේ.

Views: 0