සැම්සන් සමාගමෙන් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ මකනයක් වෙළෙඳ පොළට

මෙරට පැරණිතම සහ ප්‍රමුඛතම රබර් ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන සැම්සන් සමූහය (DSI) මගින් මෙරට තුළ නිෂ්පාදනය කෙරුණු රබර් මකනයක් වෙළෙඳ පොළට හඳුන්වා දෙන බව පවසයි.

ළමුන් සඳහා සෞඛ්‍යාරක්ෂිත ලෙස නිෂ්පාදනය කර ඇති මෙම මකනය මත ’මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ ලෙස සටහන් කර තිබේ. සමාගමේ නිෂ්පාදන අතරින් මෙම සලකුණ යොදා ගන්නා දෙවැනි නිෂ්පාදනයත් මෙය වෙයි. මීට පෙර සැම්සන් සමාගමේ ටෙනිස් බෝල නිෂ්පාදන සඳහා මෙම ’මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ යොදා ගැනුණි.

ගාල්ලේ පිහිටි DSI කර්මාන්තශාලාව තුළ මෙම මකන නිෂ්පාදනය සිදු කරයි. මෙහිදී 100%ක්ම දේශීයව ලබාගත් රබර් යොදා ගනිමින් මකනය නිෂ්පාදනය කෙරෙන බව සඳහන් වෙයි.

මේ වනවිට මෙරට වෙළෙඳ පොළ වෙත නිකුත් කර ඇති සැම්සන් රබර් මකන නිෂ්පාදන කුඩා සහ විශාල ලෙස කාණ්ඩ මිලදී ගත හැකිය. එහිදී තොග වශයෙන් ලබා ගැනීමේදී කුඩා මකනයක් රුපියල් 5/-කටද විශාල මකනයක් රුපියල් 10/-කට මිල කෙරී තිබේ.

තවමත් මෙම සැම්සන් රබර් මතක නිෂ්පාදනය විදෙස් වෙළෙඳ පොළ වෙත නිකුත් කර නැත.

Views: 0