රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත වෙයි

අද දිනයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

මෙහිදී එම පනත් කෙටුම්පත් දෙක වෙත කාරක සභාව අවස්ථාවේදී සංශෝධන එක් කෙරී තිබේ. අනතුරුව තෙවැනි වර කියවීමේ අවස්ථෘවේදී එම පනත් දෙකම ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.

මෙම පනත් කෙටුම්පත් දෙක පසුගිය මැයි මස 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඇතුළුව ආර්ථිකයේ පරිවර්තන සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණ බව රජය පවසයි.

Views: 0