මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාත 0.25%කින් පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් පහත හෙළීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ (23දා) දිනයේදී රැස්වුණු මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩල හමුවේදී ගනුලැබූ එකඟතාවකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පොළී අනුපාතය මෙතෙක් පැවැති 8.50%ක මට්ටමේ සිට 8.25%ක් දක්වාත්, නිත්‍ය ණය පහසුකම් පොළී අනුපාතය 9.50% සිට 9.25%ක් දක්වාත් පදනම් අංක 25කින් එනම් 0.25%කින් පහත හෙළීමට කටයුතු කරන බව මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම දැනට පවතින සහ අපේක්ෂිත සාර්වආර්ථික සංවර්ධනයන් සහ දේශීය සහ ජාත්‍යන්තරව ඇතිවිය හැකි අවදානම් සහ අස්ථාවරත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පියවර ගෙන තිබේ.

එසේම මේ හරහා උද්ධමන ඉලක්කය මැදිකාලීනව 5%ක මට්ටමකින් පවත්වාගෙන යාමේ අපේක්ෂාවද මහ බැංකුව සතු බව පවසයි. ඒ අතරතුරදීම ආර්ථිකයට එහි උපරිම තත්ත්වයට ළගාවීම අවස්ථාව ලබා දෙන බවත් මෙහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

මේ අතර ැනට පවතින තොරතුරුවලට අනුව ඉදිරි මාස කිහිපය තුළදී උද්ධමනය 5%ක උද්ධමන ඉලක්ක මට්ටමට වඩා අඩු අගයකින් පවතිනු ඇතැයිද අපේක්ෂාව වී තිබේ.

Views: 0