Windforce PLC සහ Vidullanka PLC එක්ව ඇබර්ඩීන් සමූහයේ පුනර්ජනනීය සමාගමක් අත්පත් කර ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගම් දෙකක් වන Windforce PLC සහ Vidullanka PLC යන සමාගම් දෙක එක්ව එම ක්ෂේත්‍රය තුළ සිය ආයෝජන තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 370ක ආයෝජනයක් සිදු කර ඇතැයි පවසයි.

මෙහිදී එම සමාගම් දෙකම එකතුව Hi-energy Services (Private) Limited සමාගමට අයත් Solar Universe (Private) Limited සමාගමෙහි කොටස් 36,500,000ක් මිලදී ගැනීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව සමාගම් දෙක මගින්ම Solar Universe (Private) Limited සමාගමෙහි කොටස් 18,250,000 ක් බැගින් මිලදී ගෙන ඇති අතර, ඒ සඳහා එක් එක් සමාගම සිදු කර ඇති පිරිවැය රුපියල් මිලියන 185ක් ලෙස ගණන් බලා තිබේ.

මෙම ගනුදෙනුවත් සමගින්ම Solar Universe (Private) Limited සමාගම තුළ Windforce PLC සතු කොටස් ප්‍රතිශතය 33.3෴ සිට 50෴ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම Vidullanka PLC සතුව පැවැති 33.3෴ක කොටස් ප්‍රතිශතය 50෴ක් දක්වා ඉහළ නැග ඇත.

මෙම නව කොටස් හිමිකාරීත්ව සම්බන්ධයෙන් Vidullanka PLC සහVidullanka PLC සමාගම් එකඟතාවට අත්සන් තබා තිබේ.

Solar Universe (Private) Limited සමාගම මගින් මඩකළපුව දිස්ත්‍රික්කයෙහි වවුනතිව්හි මෙගාවොට් 10ක (10MW) සූර්ය බලාගාරයක මෙහෙයුම් පවත්වාගෙන යයි. එසේම එම සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සූර්යශක්ති (පෞද්) සමාගම වෙත වවුනතිව් II නමින් සූර්ය විදුලිබලාගාරයක ඉදිකිරීම සහ මෙහෙයුම් සිදු කිරීම සඳහා වන බලපත්‍රයද හිමි කරගෙන තිබේ. එහිද ස්ථාපිත විදුලිබල ධාරිතාව මෙගාවොට් 10කි.

මෙම Solar Universe (Private) Limited සමාගම අයත් Hi-energy Services (Private) Limited සමාගම මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් (Aberdeen Holdings) සමූහයට අයත් සමාගමකි.

FitsAir, Baraka, Fits Express, UPS, Ex-Pack Corrugated Cartons, T-Sips, Neptune Recyclers, Lanka Commodity Brokers Ltd, Expo Commodities Global සහ Vidullanka PLC යන සමාගම් ද එම සමාගම සමූහයේ පවතින ව්‍යාපාර වෙයි.

Views: 0