ලිට්‍රෝ ගෑස් සුපවේදීන්ගේ විශිෂ්ටත්වය ඇගයූ CAFE 2024 බලගන්වයි

Chefs Guild Lanka (CGL) සමඟ සහයෝගිතාවයෙන් පැවැත්වෙන Culinary Art Food Expo (CAFE) 2024 හි ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස නොකඩවා 21 වන වරටත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පසුගියදා සහභාගි විය.

ජූනි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී (SBMEC) පැවැත්වූ මෙම උත්සවය සූපශාස්ත්‍ර කලාවේ සහ නව්‍යකරණයේ විශිෂ්ටතම අවස්ථාවන් ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ උළෙලක් බවට පත් විය.

ශ්‍රී ලංකාවේ විශාලතම LP ගෑස් ආනයන සහ සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා අඛණ්ඩව 21 වන වසරටත් මෙම විශිෂ්ට සූපශාස්ත්‍ර සහ වෙළෙඳ ප්‍රදර්ශනය සවිබල ගැන්වීම පිළබඳව ගෞරවයට පාත්‍ර විය. එමෙන්ම ලිට්‍රෝ ගෑස් නැවත වරක් ඉවුම් පිහුම් වෙළෙඳ කුටි 75ටම බාධාවකින් තොරව ගෑස් සැපයුමක් සහතික කරමින් නිල සහ එකම LP ගෑස් සහකරු බවට පත්විය.

CAFE 2024 ආහාර සැකසීමේ සිට පරිභෝජනය දක්වා සූපශාස්ත්‍ර කලාවේ සෑම අංශයක්ම විශේෂයෙන් ඉස්මතු කරන ආහාර නිෂ්පාදන සහ සේවා පිළිබඳ පුළුල් ප්‍රදර්ශනයක් විය. මෙම උත්සවය එහි අංග වන සූපශාස්ත්‍ර තරඟ, වෙළෙඳ කුටි, ආහාර සැණකෙළි, ඉවුම් පිහුම් ක්‍රම හඳුන්වාදීම් සහ ඉවුම් පිහුම් පන්ති සඳහා ප්‍රසිද්ධය.

සූපශාස්ත්‍ර සහ සත්කාර ක්ෂේත්‍රයේ නවෝත්පාදන සඳහා අනර්ඝතම වේදිකාව වන CAFE විශිෂ්ටතම ජාත්‍යන්තර ආහාර පාන සහ ආගන්තුක සත්කාර සන්නාමයන්ගේ පෙරළිකාර නිෂ්පාදන සහ සේවාවන් එළිදැක්වීමට මහඟු තෝතැන්නක් විය.

ලිට්‍රෝ ගෑස් සූපශාස්ත්‍ර ක්ෂේත්‍රය තුළ ඉටුකර ඇති සුවිශේෂී කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ ලිට්‍රෝ ගෑස් ලංකා හි සභාපති මුදිත පීරිස් මහතා, “සූපවේදීන්ගේ සංසදයේ සාමාජිකයින් බොහෝ පිරිසක් සේවය කරන හෝටල් සහ ආපනශාලා කර්මාන්තයට අපි දිගටම සහයෝගය ලබා දුන්නෙමු. සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ නිර්මාණාත්මක සහ නව්‍ය කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහයෝගය දැක්වීමට හැකි වීම ලිට්‍රෝ අපට සතුටට කරුණකි.“ යනුවෙන් පවසා සිටියි.

Views: 0