පෝර්ට් සිටියේදී විශේෂ වරප්‍රසාද හිමිවන ව්‍යාපාරික සමාගම් මෙන්න

කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටිය තුළ ව්‍යාපාර මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර සිටින ව්‍යාපාර කිහිපයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාර ලෙස නම් කරන බව රජය පවසයි.

ඒ අනුව මෙහිදී කොළඹ වරාය නගරය තුළ ඉදි කෙරෙන තීරුබදු රහිත අලෙවි සැල සහ චීන තීරුබදු රහිත අලෙවි සැල මෙන්ම අක්වෙරළ මෘදුකාංග සේවා සම්පාදන සමාගම්, සායනික පර්යේෂණ සහ සංචාරක නියෝජිත ආයතන යනාදිය ක්‍රමෝපායික වැදගත්කමක් සහිත ද්විතියික ව්‍යාපාර ලෙස හැඳින්වී තිබේ.

Horizon Group USA Global LLC, Satguru Travel and Tourism LLC, Pagero Lanka Software Engineering (Pvt) Ltd, KPMG Professional Services (Private) Ltd, Hexaware Technologies SL (Private) Ltd,  Creative Software (Pvt) Ltd, Remediumone Global Private Limited, GTN Group Holding Limited, IPD Colombo (Private) Limited, Bistec Solutions (Pvt) Ltd, Port City Duty Free (Pvt) Ltd, China Duty Free (Lanka) (Pvt) Ltd සහ ODF Pte Ltd එම ව්‍යාපාර වෙයි.

විශේෂයෙන්ම 2021 අංක 11 දරන කොළම වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ මෙලෙස මෙම ව්‍යාපාර ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස නම් කර තිබේ.

ඒ අනුව එම පනතේ II වන උපලේඛනය යටතේ දක්වා ඇති පනත්වලින් එම ව්‍යාපාර වෙත යෝජිත නිදහස් කිරීම් සහ දිරිගැනවීම් ප්‍රදානය කිරීමටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට අනුමැතිය ලැබී තිබේ.

එහිදී අදාළ නිදහස් කිරිම් සහ දිරිගැන්වීම් රජයෙ ගැසට් පත්‍රයේ පළ කරන නිවේදන මගින් ප්‍රකාශයටපත් කිරීම සිදු කරන බවත් රජය පවසා සිටියි.

Views: 0