British Council ‘Youth-Led Green and Inclusive Businesses’ නියමු අදියර සාර්ථක ලෙස නිමාව දකී
British Council Sri Lanka විසින් 2024 ජාත්‍යන්තර ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිනය වන අද දින ඔවුන් විසින් ක්‍රියාවට නැංවූ ‘Youth-Led Green and Inclusive Businesses’ වැඩසටහනේ නියමු අදියර සාර්ථක ලෙස අවසන් කෙරිණි.
දැනට ක්‍රියාත්මක වන ව්‍යාපාර වඩාත් පරිසර හිතකාමී සහ අන්තර්කරණය වූ ව්‍යාපාර බවට පත්කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා, සම්පත් සහ සම්බන්ධතා තරුණ ව්‍යවසායකයන් වෙත ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ විය.
මෙම අදියරේ සමාප්තිය වෙනුවෙන් ‘Pathways to Sustainability: Entrepreneur’s Showcase’ යන තේමාව යටතේ විශේෂ උත්සවයක් පැවැත්විණි. එහිදී තම ව්‍යාපාර වඩාත් පරිසර හිතකාමී සහ අන්තර්කරණය වූ ව්‍යාපාර බවට පරිවර්තනය කිරීම සඳහා තමන් විසින් ගන්නා ලද පියවර මොනවාද යන්න පැහැදිලි කිරීමට මෙන්ම, වෙනත් ප්‍රධාන පෙළේ පාර්ශ්වකරුවන් සමගද සම්බන්ධ වෙමින් පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායක ව්‍යවසායිකාවන් 30 දෙනෙකුට අවස්ථාව උදා විය.
‘Green Movement of Sri Lanka’ සහ ‘Lanka Social Ventures’ යන දේශීය සංවිධාන මෙම වැඩසටහන සඳහා British Council සමග එක්ව කටයුතු කළහ.
“අනාගතය රැඳී ඇත්තේ තරුණ පරපුරේ දෑත් මත බව අප විශ්වාස කරනවා. ඔවුන් හුදෙක් හෙට දවසේ නායකයන් පමණක් නොවෙයි. ඔවුන් දැනටමත් ලෝකයට සැලකිය යුතු යහපතක් සිදුකරමින් සිටිනවා. තිරසාරත්වය වැනි තීරණාත්මක විෂයන් ආමන්ත්‍රණය කරමින්, දේශගුණ විපර්යාස මගින් ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ලොව පුරාම තරුණ තරුණියන්ට අත්වැලක් වීමටත්, ඒ සඳහා ඔවුන් සවිබල ගැන්වීමටත් අප කැප වී සිටිනවා.” British Council Sri Lanka හි අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.
මෙහිදී ප්‍රධාන දේශනය සිදුකළ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය, ජාතික සංවර්ධනය සහ තිරසාර සංවර්ධන අරමුණු (Sustainable Development Goals – SDGs) ළඟා කරගැනීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශය ඉටුකරන භූමිකාව පිළිබඳව අදහස් දැක්වූවා ය.
“වඩාත් පුළුල් සමාජයීය හා පාරිසරික බලපෑමක් ඇතිකරන ව්‍යාපාර ආකෘතීන් නිර්මාණය කරමින්, තිරසාර සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා වැදගත් දායකත්වයක් දැක්වීමට පෞද්ගලික සමාගම්වලට හැකියාව තිබෙනවා. British Council හි මෙම ප්‍රයත්නයන්, රටේ තිරසාර සංවර්ධනය උදෙසා වගකීම්සහගත සහ ආචාරධාර්මික ව්‍යවසායකත්ව සම්ප්‍රදායක් නිර්මාණය කිරීමට දායක වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” චමින්ද්‍රි සපරමාදු මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.