“විදේශ ආයෝජන ලැබුණොත් බැංකු පද්ධතිය දියුණු වෙනවා” – ජනපති රනිල්  

බැංකු පද්ධතියේ දියුණුව සඳහා විදේශ ආයෝජන ලැබිය යුතු බවත්, තවමත් අප එම ඉලක්කයට ළගා වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (05දා) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණූ ජාතික බැංකුකරුවන්ගේ සංගමය මගින් සංවිධානය කළ බැංකුකරුවන්ගේ සංසදයට සහභාගි වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එසේම මෙරට බැංකු පද්ධතිය ආරක්ෂා කර නොගතහොත් ආර්ථිකය ආරක්ෂා කර ගත නොහැකි බව තමන් එදා පැහැදිලිව ප්‍රකාශ කළ බවත්, බැංකු පද්ධතිය බිඳවැටුණොත් ආර්ථිකය අහිමි වී යන බවත් ජනපතිවරයා මෙහිදී පවසා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාව සතු විදේශ ණය ආපසු ගෙවීමේදී වසර 04ක් ණය නොගෙවා සිටීමටත්, ගෙවිය යුතු ණය මුදලින් ඩොලර් බිලියන 08ක් අඩු කිරීමටත් දැන් කටයුතු කර තිබෙන බවත් ජනපතිවරයා සඳහන් කර තිබේ. තිබෙනවා.

“රටේ ආර්ථිකය නැවත දියුණුවෙමින් පවතිනවා. දැන් අප රටක් ලෙස සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපට රුපියල් බිලියන 08ක ණය සහනයක් ලැබුණ නිසා අපට දැන් අලුත් ආර්ථිකයකට යාමට ඉඩ කඩ තිබෙනවා. එහිදී අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.” ජනපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනපතිවරයා, “අප මෙතැනින් ඉදිරියට යා යුතුයි. මෙහිදී විශාල වැඩ කොටසක් බැංකු පද්ධතියට හිමි වෙනවා. අපි මේ මුදල් සොයා ගන්නේ කොහෙන්ද. අප විදේශ ආයෝජන ගෙන ඒමට අවශ්‍යයි. එවිට බැංකු දියුණු වෙනවා. අප තවම මෙම ඉලක්කයට ළගා වී නැහැ.”

Views: 0