MINISO වෙතින් ශ්‍රී ලාංකික ජනතාවට අද්විතීය සාප්පු සවාරි අත්දැකීමක්

ලොව ප්‍රමුඛතම වෙළඳ සන්නාමයක් වන MINISO විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත ධනාත්මක හැඟුම්වලින් පිරි නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම අරමුණු කරමින් නව මුහුණුවරක් සහ ප්‍රබෝධමත් දැක්මක් හඳුන්වා දී ඇත. මෙයට සමගාමීව MINISO සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් නියෝජිතයා වන අබාන්ස් ආයතනය දිවයින පුරා MINISO ප්‍රදර්ශනාගාර 10කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත. 

ඉතා පුළුල් නිෂ්පාදන පරාසයක් සහිත MINISO – ලොකු කුඩා ඕනෑම කෙනෙක්ට සරිලන බොහෝ දේ රැගෙන එන අතර, විශේෂයෙන් තරුණ තරුණියන්ට ගැළපෙන නවතම නිෂ්පාදන මාදිලි රැසක් හඳුන්වා දෙයි. විසිතුරු භාණ්ඩ සහ සෙල්ලම් බඩු වල සිට නිවසට සහ මුළුතැන්ගෙයට අවශ්‍ය උපාංග දක්වා බොහෝ අවශ්‍යතාවලට සරිලන නිෂ්පාදන විසඳුම් ලබා දීම MINISO හි කැපී පෙනෙන විශේෂත්වයකි. 

‘ජීවිතේ So Fun’ යන තේමාව යටතේ MINISO සිය පාරිභෝගිකයින්ගේ සාප්පු සවාරි අත්දැකීම ප්‍රීතිමත් එකක් බවට පත් කිරීම අරමුණු කරයි. එමෙන් ම වර්ණවත් බවින් සහ විවිධත්වයෙන් පිරුණු MINISO අලෙවිසැලක් තුළ ගත කරන කාලය පාරිභෝගිකයින් මින් පෙර අත් නො විඳි , විනෝදයෙන් පිරුණු කාලයක් වනු නොඅනුමානය.  

තවද, MINISO ලොව ප්‍රමුඛ පෙළේ IP  සමූහයක් බවට පත් කිරීමේ අරමුණින් වර්තමානය වන විට ජනප්‍රිය IP බලපත්‍රලාභීන් 100ක් පමණ සමඟ සහයෝගිතා ගොඩනඟාගෙන ඇති අතර, Barbie, Care Bears, Mickey & Friends, Sanrio, Tom & Jerry වැනි ලෝ ප්‍රකට සන්නාමයන් සමඟ එක් වීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත හොඳම මිලකට එම නිෂ්පාදන මිල දී ගැනීමේ හැකියාව උදා කර දී ඇත. ඊට අමතර ව Harry Potter සහ BT21 සමඟ සිදු කළ සහයෝගිතාවය හරහා MINISO සිය ජනතා ආකර්ෂණය තව තවත් වර්ධනය කර ගැනීමට සමත් වී ඇති බව ද පැවසිය යුතු ම කරුණකි.

ඉතා සැහැල්ලුවෙන් හා විනෝදයෙන්, දැරිය හැකි මිලකට, උසස් තත්ත්වයෙන් යුත් භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට MINISO සමත් වී ඇති අයුරු සැබැවින්ම ප්‍රශංසනීය වේ.

Views: 0