කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ අංශයට විශාලතම ණය දෙන්නා වෙයි

2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා කොමර්ෂල් බැංකුව වූ බවත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ණය දෙන ආයතන 17ක් විසින් ලබා දී ඇති මුළු ණය වටිනාකමින් තුනෙන් එකක් එම බැංකුව ලබා දුන් බව මුදල් අමාත්‍යංශය තහවුරු අතර ඇත. 

අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවට අනුව කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දුන් රුපියල් බිලියන 704.142ක මුළු ණය අතරින් රුපියල් බිලියන 231.655ක් කොමර්ෂල් බැංකුව විසින් දී ඇති අතර එය මුළු මුදලින් 33%කි.

මුදල් අමාත්‍යංශයට අනුව රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 52%ක්, රැකියාවලින් 45%ක් සහ අපනයනවලින් 20%කට දායක වන මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කොමර්ෂල් බැංකුව විශාලතම ණය දෙන්නා වූ සිව්වන වසර මෙයයි. 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සඳහා බැංකුවේ කැපවීම පිළිබඳ ව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අපගේ ආර්ථිකයේ කොඳුනාරටිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වන අතර වත්මන් ආර්ථික තත්ත්වය තුළ ඔවුන්ට විශේෂ සහයෝගයක් අවශ්‍ය වේ. 1970 දශකයේ මුල් භාගයේ සිට කොමර්ෂල් බැංකුව මෙම අංශයේ වර්ධනය කෙරෙහි උපක්‍රමශීලීව අවධානය යොමු කර ඇත. අපගේ උත්සාහයන් අඛණ්ඩව සිව්වන වසරටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විශාලතම ණය දෙන්නා ලෙස බැංකුව ස්ථානගත කර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා බැංකුව 2020 වර්ෂයේ දී ලබාදුන් රුපියල් බිලියන 163.9 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 231.6 දක්වා වර්ධනය වී ඇති අතර එමඟින් මෙම අංශය සඳහා බැංකුවේ කැපවීම විදහා දක්වයි.”

කොමර්ෂල් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා විෂය මූලිකව තක්සේරු කරමින්, අපනයන, දේශීය නිෂ්පාදන, කාන්තාවන් විසින් කරනු ලබන ව්‍යාපාර සහ ආනයන ආදේශන කර්මාන්ත වැනි ඉලක්කගත අංශ සඳහා ණය දීමේ අවස්ථා අපේක්ෂා කරන අතර බැංකුවට ලැබී ඇති සහනදායී ණය මූලාශ්‍ර හරහා ණය ලබාදෙයි. විවිධ හේතූන් මත පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පෙන්වන අඩු කාර්ය සාධනයක් ඇති ව්‍යාපාර පුනර්ජීවනය කිරීම සඳහා සහය දැක්වීමට, 2020 වර්ෂයේ දී බැංකුව විසින් ව්‍යාපාර පුනර්ජීවන සහ පුනරුථාපන ඒකකයක් පිහිටුවන ලදි.

Views: 0