කොකා-කෝලා සහ Eco Spindles පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් එකතු කිරීම අරඹයි

ලෝක පරිසර දිනයට සමගාමීව කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරන ලදී.

මේ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ PET ප්ලාස්ටික් ඉවත දැමීමේ ඒකක පිහිටුවීමට කටයුතු කළ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික වගකීම හා තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සහ පාරිසරික, ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධන  ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන්ගේ මැදිහත්වීම තුළින් ආරම්භ කළ මෙම පරිසර හිතකාමී ව්‍යාපෘතිය හරිත අනාගතයක් වෙනුවෙන් තවත් සුවිසල් පියවරක් වනු නිසැකය.

මේ වන විටත් රට පුරා PET ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් 500කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා ඇති CCBSL, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළද එම බඳුන් පිහිටුවීම තුළින් PET ප්ලාස්ටික් එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ උපාය මාර්ගයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කරනු ඇත.

මෙම එක් එකතු කිරීමේ බඳුනක කිලෝ ග්‍රෑම් 50ක PET ප්ලාස්ටික් ධාරිතාවක් එකතු කිරීමේ හැකියාව නිසාවෙන් පාරිසරික තිරසාරත්වය හා ප්ලාස්ටිත් ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දීමේ හැකියාවද CCBSL වෙත උදා වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතා “අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන සමස්ත රටටම ඉතා වැදගත් වනවා. සාමාන්‍යයෙන් වසරකට PET ප්ලාස්ටික් මෙටි්‍රක් ටොන් 1,600ක පමණ ප්‍රමාණයක් පරිසරයට එකතු වනවා. එහෙත් ඉන් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදා ගන්නේ මෙටි්‍රක් ටොන් 400ක් පමණයි. වගකීම් විරහිත ආකාරයෙන් පරිසරයට එකතු කරන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් පුද්ගලික අංශයේ ආයතනවල මැදිහත් වීම ඉතා ප්‍රශසංනීයයි. එම මැදිහත් වීම යටතේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PET ප්ලාස්ටික් කළමනාකරණය වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව මගේ ස්තුතිය පුද කර සිටිනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

CCBSL සමඟ වන සහයෝගීතාව යටතේ PET ප්ලාස්ටික් එකතු කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය සිදු කිරීමේ වගකීම Eco-Spindles වෙත පැවරී ඇත. එහිදී හොරණ පිහිටි සිය නවීනතම පහසුකම් තුළින් එකතු කළ ප්ලාස්ටික් කාර්යක්ෂමව සැකසීම සිදු කරන Eco-Spindles මෙම ප්ලාස්ටික් සිය කර්මාන්ත ශාලාව වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ ඉලෙක්ටි්‍රක් රථ වාහන මඟින් වීම තවත් විශේෂත්වයකි. එය රට තුළ කාබන් විමෝචනය ශුන්‍ය තත්වයට ගෙන ඒම වෙනුවෙන් දායකත්වය සැපයීමක් ලෙසද මෙහිදී අගය කළ යුතුය.

මෙහිදී අදහස් දැක්වූ CCBSL කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදිප් පාන්ඩේ මහතා සඳහන් කර සිටියේ “ප්ලාස්ටික් කසල එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් වන අපගේ අඛණ්ඩ කැපවීම තුළින් අපගේ ප්‍රජාව තුළ අර්ථවත් වෙනසක් ඇති කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. එසේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ වන මෙම සහයෝගීතාව තුළින් පාරිසරික තිරසාරසාරත්වය උදෙසා අපගේ අප්‍රතිහත කැපවීම මනාව ප්‍රදර්ශනය වනවා. මේ ආකරයේ සුවිශේෂී සහයෝගීතාවයන් තුළින් සුපිරිසිදු, හරිතවත් අනාගතයක් ශ්‍රී ලාංකිකයින්ට උදා කර දීමේ අපගේ අරමුණු තවදුරටත් සාක්ෂාත් කර ගැනීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

Views: 0