JKCG Auto සමාගම මෙරට තුළ BYD මොටර් රථ නිල වශයෙන් එළි දක්වයි

BYD මගී වාහන සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා  වන Johh Keels Holdings PLC සමූහය සහ ඩුබායි හි CG Corp Global හි අනුබද්ධිත සමාගමක් වන CG AUTO හවුල්කාරීත්වයෙන් බිහි වුණු JKCG Auto පුද්ගලික සමාගම මගින් සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියා කරන BYD නව බලශක්ති වාහන මෙරට තුළ නිල වශයෙන් එළිදැක්වීම අද දිනයේදී සිදු විය.

අද දිනයේදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ වුණු EV Motor Show 2024 හිදී මෙම එළිදැක්වීම සිදු කෙරිණි. ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අති නවීන BYD NEVs මහජනතාව වෙත නිරාවරණය කෙරිණි. මෙම ප්‍රදර්ශනය ලබන ජුනි 30 වනදා දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.

මෙම එළිදැක්වීම මෙරට තිරසාර ගමනාගමනය සඳහා අති නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකි බව JKCG Auto සමාගම පවසයි.  

මෙහිදී එළිදැක්වුණු BYD මෝටර් රථ අතර, ආකර්ෂණීය පෙනුම, 650Km ක් දක්වා දිගු ධාවන කාලය සහ තත්පර 3-8 කින් පැයට කිලෝමීටර 0-100 දක්වා වේගය වැඩි කිරීමේ හැකියාව සහිත සුඛෝපභෝගී සෙඩාන් BYD SEAL රථය.

එසේම පුළුල් ඉඩකඩ, උසස් තත්වයේ ආරක්ෂිත විශේෂාංග සහ 480Km දක්වා දිගු ධාවන කාලයක් සහිත පවුලේ සුවපහසුව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති SUV මෝටර් රථයක් වන BYD ATTO 3 මෙන්ම කුඩා එහෙත් ප්‍රබල කාර්යසාධනය, කාර්යක්ෂම බව, 410 Km ක් දක්වා දිගු ධාවන කාලය මෙන්ම තත්පර 7.9 කින් පැයට කිලෝමීටර 0-100 දක්වා වේගය වැඩි කිරීමේ හැකියාවෙන් යුත් BYD DOLPHIN යන EVs අයත් විය.

Views: 0