Eventsකර්මාන්තප්‍රවර්ධනපුවත්විදෙස්

මුරලිදරන් ඉන්දියාවේ බීම සහ රසකැවිලි කර්මාන්තශාලාවක් සඳහා රු. කෝටි 1400ක් ආයෝජනයට සැරසෙයි

ශ්‍රී ලංකාවේ හිටපු සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තය තුළ බීම සහ රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා මුදල් ආයෝජනයට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එම ප්‍රාන්තයේ චාමරජනගාර් දිස්ත්‍රික්කයේ බන්ඩනාකුප්පේ නගරයේදී මෙම කර්මාන්තශාලාව පිහිටුවනු ඇතැයි සඳහන් වෙයි.

මෙම කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා අදියර කිහිපයක් යටතේ මුත්තයියා මුරලිදරන් ඉන්දියානු රුපියල් කෝටි 1,400ක් ආයෝජනයට සැලසුම් කර ඇතැයිද කර්නාටක ප්‍රාන්තයේ විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත පිළිබඳ අමාත්‍ය එම්.බී. පටිල් පවසා තිබේ.

“මුත්තයියා බෙවරේජස් ඇන්ඩ් කන්ෆෙක්ෂරනරීස්% යන සන්නාමයෙන් පිහිටුවීමට යන මෙම කර්මාන්තශාලාව 2025 ජනවාරි මාසයේදී පමණ මෙහෙයුම් ආරම්භ කිරීම සැලසුම වී ඇතැයි සදහන් වෙයි.

“රුසියල් කෝටි 1,000ක් වටිනා කර්මාන්තශාලාව දැනටමත් චාමරජනගාර් දිස්ත්‍රික්කය තුළ ඉදිකෙරෙමින් පවතිනවා. එම ආයෝජනය රුපියල් කෝටි 1,400ක් දක්වා ඉහළ දැමීමේ සැලසුමක්ද තිබෙනවා.“ අමාත්‍යවරයා පවසයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනටමත් මුත්තයියා මුරලිදරන් සහ කර්නාටක ප්‍රාන්ත විශාල සහ මධ්‍යම ප්‍රමාණ කර්මාන්ත පිළිබඳ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද පැවැත්වී තිබේ.

මුත්තයියා මුරලිදරන් පවුල දැනට දශක කිහිපයක සිටම ශ්‍රී ලංකාව තුළ බිස්කට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටියි. එසේම ඔහු මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිසිල් බීම නිෂ්පාදනයටද පිවිස සිටියි. එම කර්මාන්තශාලාව මගින් සිසිල් බීම කෑන් නිෂ්පාදනය සිදු කරයි.

Views: 4