‘TRI-ZEN’ සහ ‘VIMAN’ නිවාස ව්‍යාපෘති ඩුබායි සහ අබුඩාබිහි ආයෝජකයින්ට ප්‍රදර්ශනය කරයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, හැටන් නැෂනල් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින් ඩුබායි සහ අබුඩාබි හි අනාගත ආයෝජකයින් වෙත සිය දේපල සංවර්ධන ව්‍යාපෘති එළිදැක්වීමක් සිදුකළ බව පවසයි.  

පසුගිය අප්‍රේල් 30 වන දින අබුඩාබි හි Royal Rose හෝටලයේදී සහ මැයි 03 වන දින ඩුබායි හි Pullman Dubai Creek City Centre හිදී පැවැත්වී තිබේ.

John Keells Properties සමාගමට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා අපේක්ෂාවෙන් සිටින අනාගත ආයෝජකයින් සඳහා සිය නවීනතම නිවාස සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය වන TRI-ZEN සහ VIMAN ව්‍යාපෘති පිළිබඳව ඉදිරිපත් කිරීමට කදිම අවස්ථාවක් මෙම සහයෝගීතාවය හරහා නිර්මාණය වූ බව සමාගම පවසයි.

ඩුබායි සහ අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහ John Keells Properties සමාගමේ නියෝජිත කණ්ඩායම මෙම අවස්ථාවන් සඳහා සහභාගී වී තිබේ.

මෙහිදී John Keells Properties කණ්ඩායම, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ පවතින අපේක්ෂාවන් හා අවශ්‍යතාවයන් පිළිබඳව ගැඹුරින් විස්තර කළේය. අනතුරුව එම කණ්ඩායම විසින් දැනට ක්‍රියාත්මක වන සිය දේපළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කරනු ලැබූ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමකින් පසුව කලාපීය සහ විදේශගත ආයෝජකයින් සමග ඒ සම්බන්ධව එකින් එක සාකච්ඡා පවත්වා ඇත.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි  උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය. ” ඩුබායි සහ අබුඩාබි වල සිටින HNB හි ගනුදෙනුකරුවන් වෙත අපගේ ව්‍යාපෘති අඛන්ඩව ප්‍රවර්ධනය කිරීම සඳහා HNB බැංකුව සමගින් එක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව රට තුළ නැවත ආයෝජනයන් කිරීමට සැලකිය යුතු උනන්දුවක් දක්වනවා. ඒ මගින් රටේ පවතින ආර්ථික වර්ධනය පිළිබඳව ඔවුන් කෙරෙහි පවතින විශ්වාසය පෙන්නුම් කෙරෙනවා.” යනුවෙන් පවසයි.

John Keells Properties සමාගමේ නව නිවාස සංවර්ධනයන ව්‍යාපෘතීන් වන TRI-ZEN සහ VIMAN, ආයෝජකයින් සඳහා සුවිශේෂී වූ අසමසම වටිනාකම් රැසක් ඉදිරිපත් කර ඇත.

VIMAN යනු John Keells Properties හි නවීනතම නිවාස ව්‍යාපෘතිය වන අතර එය ජා-ඇළ නගරය කේන්ද්‍ර කර ගනිමින් නිවාස සංවර්ධන ක්ෂේත්‍රය තුළ නව මානයකට පිවිස ඇත.

කොළඹ 02 යුනියන් පෙදෙසේ පිහිටා ඇති TRI-ZEN මහල් නිවාස සංකීර්ණය ගොඩනැගිලි ත්‍රිත්වයකින් සමන්විත වන අතර, එහි සෑම නිවහනකම නිදන කාමරයක්, කාමර 2ක් සහ කාමර 3ක් වශයෙන් සැදුම්ලත් ඒකක ඇතුළත් වේ.

Views: 0