CSE Masterminds ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රශ්න විචාරාත්මක තරඟය ජූලි 05 දා

“CSE Masterminds” ප්‍රශ්න විචාරාත්මක තරඟය හයවන වරටත් 2024 ජූලි 05 වන දින සවස 4.30 සිට කොළඹ ෂැංග්‍රි-ලා ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී, රු. මිලියන 2කට අධික වටිනාකමින් යුතු ත්‍යාග පිරිනැමෙන අතර, මෙම අවස්ථාවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමාගම්වල අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දේශීය හා ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ, සාමාන්‍ය දැනුම, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් සහභාගිවන්නන් සතු දැනුම එහිදී පරීක්ෂා කෙරෙනු ඇත.

2024 CSE Masterminds ප්‍රශ්න විචාරාත්මක තරඟයේදී ජයග්‍රාහී කණ්ඩායම සඳහා රු. 1,000,000ක ත්‍යාග මුදලක් හිමි වනු ඇති අතර දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රු. 500,000/-ක් සහ රු. 300,000/-ක් පිරිනැමේ. එක් එක් අංශයේ හොඳම දක්‍ෂතා දක්වන කණ්ඩායමට ද අංශ වශයෙන් ත්‍යාග හිමි වනු ඇත.

2024 CSE Masterminds සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ බාට්ලීට් රෙලිගෙයා සෙකියුරිටීස් පුද්ගලික සමාගම සහ ෆස්ට් කැපිටල් සමාගම යන ආයතන වන අතර රන් අනුග්‍රාහකත්වය දක්වන්නේ එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගම විසින්ය.

සොෆ්ට්ලොජික් තැරැව්කාර පුද්ගලික සමාගම, LOLC හෝල්ඩින්ග්ස් සමාගම, ආශා සෙකියුරිටීස් පුද්ගලික සමාගම, ලංකා සෙකියුරිටීස් පුද්ගලික සමාගම, සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී රිදී අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වී ඇත.
ෆිට්ස් ඒවියේෂන් පුද්ගලික සමාගම (FITS Aviation) සාඩම්බර නිල ගුවන් සේවා හවුල්කරු ලෙස කටයුතු කරන අතර, කොළඹ ෂැංග්‍රිලා හෝටලය ආගන්තුක සත්කාර සපයනු ලබයි. මුද්‍රිත මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සහය ලැබෙන අතර ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිටඩ් (IDL) පාන වර්ග සපයනු ලබයි.

මෙම අවස්ථාවේ සම අනුග්‍රාහකත්වය දරන්නේ ඇම්බියන් සෙකියුරිටීස් පුද්ගලික සමාගම, HNB ඇෂුවරන්ස් පොදු සමාගම, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී, කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස්, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී, ටීජේ ලංකා සමාගම, CT CLSA සෙකියුරීටීස් පුද්ගලික සමාගම, ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම, CryptoGen පුද්ගලික සමාගම, එක්සත් රාජධානියේ වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමය(ACCA), බැරිස්ටා කොෆී ලංකා පුද්ගලික සමාගම, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී, කැපිටල් අලායන්ස් පීඑල්සී, පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, නෙස්ටර් තැරැව්කාර පුද්ගලික සමාගම, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සහ EFutures පුද්ගලික සමාගම යනාදියයි.

වැඩි විස්තර සඳහා www.cse.lk වෙත පිවිසෙන්න. නැතහොත් ජෙනිෆර් හා සම්බන්ධ වන්න (දුරකථන අංකය: 0755888217 / විද්‍යුත් තැපැල් ලිපිනය: jenifar@cse.lk)

Views: 0