අදානි සමූහය ශ්‍රී ලංකාවේ සිංහ සිමෙන්ති අයත් ඉන්දියාවේ Penna Cement Ltd අත්පත් කර ගනී

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන අදානි හි සිමෙන්ති සහ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම  වන සීමාසහිත අම්බුජා සිමෙන්ති සමාගම විසින් Penna Cement Industries Ltd මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කරයි.

ඒ අනුව දැනට එහි ප්‍රවර්ධක සමූහය වන ප්‍රී. ප්‍රතාප් රෙඩ්ඩි සහ පවුල (P. Pratap Reddy and family) සතු ව්‍යාපාරයේ කොටස් 100% ම අම්බුජා සමාගම විසින් මිලදී ගැනීමට නියමිතය. මෙම මිලදී ගැනීම සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල සමාගමේ අභ්‍යන්තර උපචිත හරහා සපයනු ලැබේ.

ශ්‍රී ලංකාවේ සිංහ සිමෙන්ති සමාගම 2019 මැයි මාසයේදී අත්පත් කර ගත්තේද Penna සමාගමයි. මෙම සිංහ සිමෙන්ති සමාගම මගින් වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 0.5 ක ධාරිතාවයකින් යුත් සිමෙන්ති ඇසුරුම් පර්යන්තයක් කොළඹ නගරයේ පවත්වාගෙන යයි.

මෙම අත්පත් කර ගැනීම පිළිබඳව අදහස් දක්වමින් අම්බුජා සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සමස්ත අධ්‍යක්ෂ අජේ කපූර් මහතා. “මෙම සුවිශේෂී මිලදී ගැනීම අම්බුජා සිමෙන්ති සමාගමේ වේගවත් වර්ධන ගමනේ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකියි . අම්බුජා හි දකුණු ඉන්දීය වෙළෙඳපල පැවැත්ම පුළුල් කරමින් ඉන්දියාව තුළ සිමෙන්ති කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස ස්ථාවරය සවිමත් කර ගැනීමට  මෙම Penna Cement Industries Ltd ( PICIL ) මිලදී ගැනීම  ඉවහල් වෙනවා.” යනුවෙන් පවසයි.

එසේම PCIL හි පිහිටීම සහ එහි තිබෙන ප්‍රමාණවත් හුණුගල් සංචිත නිසා සිමෙන්ති ධාරිතාව වර්ධනය කරගැනීමට මෙන්ම අමතර ආයෝජන වැඩි කර ගැනීමට මහඟු අවස්ථාවක් සලසන බවත් ඔහු සඳහන් කරයි.

“මෙමඟින් සිමෙන්ති තොග පර්යන්තයන් සඳහා (BCTs) ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවට,  මුහුදු මාර්ගය හරහා ඉන්දියාවේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට ප්‍රවේශය ලබා දීම මඟින් මෙතෙක් පැවැති ක්‍රමවේදයන් වෙනස් කිරීමට හැකියාව ලැබීම මෙහි තිබෙන වැදගත් කරුණක්.” ඔහු පවසයි.

ඒ අනුව PCIL හි පිරිවැය සහ ඵලදායිතාවය තුළින් ඉහළ තරඟකාරීත්වයක් ඇති කිරීම සහ එහි මෙහෙයුම් කාර්ය සාධනය තවදුරටත්  වැඩිදියුණු කිරීම සිය අරමුණ බවත් ඔහු සඳහන් කරයි.

PCIL හි දැනට සේවයේ නියුතු අලෙවි නියෝජිතයන් ද උපරිම සහයෝගයක් ලබාදීම උදෙසා අදානි සිමෙන්ති වෙළෙඳ ජාලය සමඟ එක්ව කටයුතු කරනු ඇත.

Views: 0