සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය OLED මොනිටර් වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි

ගෝලීය Display කර්මාන්තයේ ප්‍රමුඛයකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය වෙළෙඳපොලෙහි ඉහළම OLED මොනිටර් විකුණුම් සමඟින් ප්‍රමුඛත්වය ගැනීමට පසුගියදා සමත් විය.

එහි ප්‍රථම OLED මොනිටර් මාදිලිය වන 34″  Odyssey OLED G8 (G85SB model) gaming මොනිටරය හඳුන්වාදී වසරකට පසුව සැම්සුන් විසින් මෙම විශිෂ්ටත්වය අත් කරගැනීම විශේෂත්වයකි. එහිදී 2023 වසරේදී අලෙවි කළ OLED මොනිටර් හරහා සමස්ත ආදායමේ වෙළෙඳපොල කොටසෙන් 34.7% ක් හා විකූණුම් මත 28.3%ක් සමඟින් මෙම ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් වෙත හැකියාව උදා විය. 

මෙම සුවිශේෂී සංධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්හි Visual DisplayBusiness අංශයේ විධායක උප සභාපති HoonChung මහතා සඳහන් කර සිටියේ “ඉතා තරඟකාරී OLED මොනිටර් වෙළෙඳපොල තුළ ඉහළම ස්ථානය දිනා ගැනීම සඳහා නවෝත්පාදන හා නිෂ්පාදනයන්හි ගුණාත්මක භාවය ඉතා වැදගත් වනවා. මෙම ජයග්‍රහණය තුළින් OLED මොනිටර් හරහා ලොව පුරා game හි නිරතව සිටින ගනුදෙනුකරුවන්ගේ කාර්ය සාධන අවශ්‍යතා හඳුනා ගැනීම හා විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම මනාව ප්‍රදර්ශනය වනවා.” යනුවෙනි.

තවද සමස්ත ආදායම අනුව 20.8%ක වෙළෙඳපොල කොටසක් අත්පත් කර ගනිමින් අඛණ්ඩව 5 වන වසරටත් සමස්ත ගෝලීය gaming මොනිටර් වෙළෙඳපොලෙහි පුරෝගාමියා ලෙස සිය විශිෂ්ටත්වය සනිටුහන් කිරීමටද සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමත්ව සිටියි. සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්OLEDනිෂ්පාදන වෙළෙඳපොලට නිකුත් කළ දා සිට ලොව පුරා විශේෂඥයින්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක්ව ඇති Odyssey OLED G9 (G95SC model) ඇතුළු නවීන මොනිටර් සඳහා ඉමහත් කීර්තියක් අත්පත් කරගෙන ඇත.

CES 2024 දී සිය OLED මොනිටර් නිෂ්පාදන පෙළ තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව නිවේදනය කළ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඒ අනුව 32” 4K UHD තිරය, 16:9 දර්ශන අනුපාතය, 240Hz නැවත සක්‍රීය කිරීමේ අනුපාතය සහ මිලි තත්පර 0.03ක ප්‍රතිචාර කාලය සහිත Odyssey OLED G8 (G80SD model),27’’QHD තිරය, 16:9 දර්ශන අනුපාතය, 360Hz නැවත සක්‍රීය කිරීමේ අනුපාතය සහ මිලි තත්පර 0.03ක ප්‍රතිචාර කාලය Odyssey OLED G6 (G60SD model),49’’ ද්විත්ව QHD තිරය, 32:9 දර්ශන අනුපාතය, 240Hz නැවත සක්‍රීය කිරීමේ අනුපාතය සහ මිලි තත්පර 0.03ක ප්‍රතිචාර කාලය සහ විශේෂාංග රැසක් සහිත Odyssey OLED G9 (G95SD model) හඳුන්වා දීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් කටයුතු කරන ලදී.

මෙම නවතම OLED නිෂ්පාදනයන් පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමට මේ වන විටත් සමත්ව ඇත්තේ සම්මාන රැසක්ද දිනා ගනිමිනි. ලොව ප්‍රභලතම තාක්ෂණික සම්මාන උළෙලක් වන CES හිදී නවෝත්පාදන සම්මානයෙන් පිදුම් ලැබීමට Odyssey OLED G9 CES® 2024සමත් විය.

නවතම මාදිලි පෙල හඳුන්වා දීමෙන් පසුව සිය gaming මොනිටර් නිෂ්පාදන පෙලෙහි සුවිසල් වෙනස්කම් සිදු කිරීම සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව කටයුතු කරනු ඇතQuantum Mini LED තාක්ෂණයෙන් සපිරි Odyssey Neoනවතම නිෂ්පාදන පෙළෙහි සාර්ථකත්වය මෙන්ම Odyssey Arkහි විශිෂ්ටත්වය පරිශීලයින් වෙත ගෙන එනු ඇත.

Views: 0