ලිට්‍රෝ ගෑස් 2024 ලෝක LP ගෑස් දිනය සමරයි

2024 ලෝක LP ගෑස් දිනය සමරමින් , ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීම තුළින් සමාජ, පාරිසරික සහ ආර්ථික පරිවර්තනයක් පිණිස මෙහෙයවීම සඳහා සිය කැපවීම යලි තහවුරු කරන බව පවසා සිටියි.

ලිට්‍රෝ ගෑස් විසින් LP ගෑස් ආරක්ෂිත බලශක්තියක් ලෙස ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන්හිදී වැදගත් වන ආකාරය සාර්ථකව පෙන්වාදී ඇති බැවින් ”LPG බලගන්වන පිටුපසින් සිටින ඔවුන් ගේ සේවාව අගයමු” යන තේමාව යටතේ මෙවර සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවට විශේෂ වැදගත්කමක් දරයි.

LP ගෑස් භාවිතය පුළුල් කිරීම සඳහා ලිට්‍රෝ ගෑස්හි පුළුල් ප්‍රවේශය මහා පරිමාණ අපනයන ව්‍යාපාරිකයන්ට සහය දැක්වීමේ සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME’s) සවිබල ගැන්වීම දක්වා විහිදේ. LP ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස මෙම උපායමාර්ගික භාවිතය ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා දේශීය ආර්ථිකය ජවබල ගන්වන අතර, ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා එහි තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා මෙවර ලෝක LP ගෑස් දිනයේ වැදගත්කම අවධාරණය කළේය. “2024 ලෝක LP ගෑස් දිනය ශ්‍රී ලංකාවට වෙන කවරදාටත් වඩා අර්ථාන්විත වේ. සෑම ශ්‍රී ලාංකේය නිවසකටම අතිශයින්ම ආරක්ෂිත LP ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා අපගේ කැපවීම, අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද මාබිම ගෑස් පිරවුම් කම්හල ආරම්භ කිරීමේ අපගේ සුවිශේෂී ජයග්‍රහණය සමඟ ඒකාත්මික වේ. වසර 40කට පසු සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම පිරවුම් පහසුකම ඉදිරි වසර 10 සිට 15 දක්වා කාලය තුළ ගෑස් සිලින්ඩර පිරවීමේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරනු ඇති අතර එමඟින් රටට සහ ජනතාවට අඛණ්ඩ සුරක්ෂිත බලශක්ති සැපයුමක් සහතික කරනවා.”

අපගේම ඉංජිනේරුවන් ඇතුළු සමස්ත ලිට්‍රෝ කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයන් තුළින් සහ ජාත්‍යන්තර ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේ අවම දායකත්වයෙන් මාබිම ගෑස් පිරවුම් මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම මූලික වශයෙන් සිදු කරන ලදී.

ඉතාම වැදගත් කරුණ නම්, මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා වැයවූ මුදල කිසිදු බාහිර පාර් ශවයක මූල්‍ය අනුග්‍රහයක් හෝ ණයමුදලක් ලෙස ලබා නොගෙන, සංවිධානයේ මූල්‍ය ශක්තිය මත පමණක් සිදුකිරීමයි. මෙම ජයග්‍රහණය මෙම වසරේ තේමාව වන ”LPG බලගන්වන පිටුපසින් සිටින ඔවුන් ගේ සේවාව අගයමු” සඳහා සාක්ෂියක් ලෙස පවතී.

මීට අමතරව, ලිට්‍රෝ ගෑස් විසින් දැඩි ආරක්ෂණ ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කර ඇති අතර, නිෂ්පාදන සහ බෙදාහැරීම් ඇතුළු ක්‍රියාවලියේ සෑම පියවරකදීම ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් ආරක්ෂිත අනුකූලතා පියවරයන් සහ ආරක්ෂණ පුහුණු ක්‍රමවේද හඳුන්වා දී ඇත. මෙම පියවර සැලසුම් කර ඇත්තේ නිෂ්පාදනයේ සිට බෙදා හැරීම දක්වා සැපයුම් දාමය පුරා ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගනිමින් අපගේ සේවකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කරගැනීම සඳහාය.

Views: 0