මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී වෙතින් කොටසකට රුපියල් 2 බැගින් රු. බි. 2.3ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.00 බැගින් මෙම ලාභෘංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.

මෙලෙස ගෙවන ලාභාංශ මුදලේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.3ක් (2,330,794,144ක්) බව සමාගම පවසා සිටියි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 12 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 26 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණයසම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් මෙල්ස්ටාකොර්ප් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු අවසානයේදී මෙල්ස්ටාකොර්ප් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 87.30ක් ලෙස සටහන්ව තිබුණි. මෙය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 87.90ට සාපේක්ෂව ශත 60ක එනම් 0.68%ක පසුබැසීමකි.

Views: 0