මහ බැංකුව නිකුත් කළ රුපියල් මිලියන 295,000ක බැඳුම්කර නිකුතුවට අධිදායකත්වයක්

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද (13දා) නිකුත් කළ රුපියල් මිලියන 295,000ක (රුපියල් බිලියන 295ක) වටිනාකමින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා අධි දායකත්වයක් හිමිව ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී පිළිවෙලින් රුපියල් මිලියන 60,000ක රුපියල් මිලියන 125,000ක සහ රුපියල් මිලියන 110,000ක් බැගින් වූ බැඳුම්කර නිකුත් කෙරිණි.

ඒ අනුව මෙහිදී පිළිවෙලින් රුපියල් මිලියන 151,665ක්, රුපියල් මිලියන 180,348ක් සහ රුපියල් මිලියන 185,340ක් ලෙස මෙම බැඳුම්කර සඳහා ලංසු ඉදිරිපත්ව ඇත.

වාර්තා සඳහන් කරන ආකාරයට මෙය ශ්‍රී ලංකා මහබැංකුව එතෙක් මෙතෙක් සිදුකළ විශාලතම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව ලෙසද සැලකෙයි.

මේ අතරින් රුපියල් මිලියන 60,000ක බැඳුම්කරය සඳහා 10.30%ක වාර්ෂික පොලී අනුපාතිකයක් පිරිනැමෙන අතර එය 2027 ඔක්තෝබර් 15 වැනිදා කල් පිරෙයි. එසේම රුපියල් මිලියන 125,000ක් වටිනා බැඳුම්කරය වෙත 11.00%ක වාර්ෂික පොලියක් හිමි අතර, එය 2029 සැප්තැම්බර් 15 කල්පිරෙයි. මීට අමතරව රුපියල් මිලියන 110,000ක බැඳුම්කරය වෙත 12.0%ක වාර්ෂික පොළියක් හිමි වන අතර, එය 2031 දෙසැම්බර් 01 වැනිදා කල්පිරීමට නියමිතව තිබේ.

Views: 0