TVS මෝටර් සමාගම විදුලියෙන් ක්‍රියාත්මක TVS iQube ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයෙකු ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිපදවන්නකු වන TVS Motor Company (TVSM) එහි නවීන සුපිරිතම විදුලි ස්කූටරය වන TVS iQube ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි.

TVSM හි විශ්වාසනීය ඉංජිනේරු හැකියාවන්ගෙන් බල ගැන්වුණු TVS iQube කාර්යක්ෂමතාවය, සුවපහසුව, මනා නිමාව සහ ආරක්ෂාව සහතික කරයි. දශක 2 ක කාලයක් ශ්‍රී ලංකාව තුළ සාර්ථකව මුල් බැසගත් සහ යතුරුපැදි අංශයේ 38% වෙළෙඳපොළ කොටස සමඟ ශක්තිමත් ස්ථානයක වර්ධනය වූ TVS Lanka Pvt Ltd හි මනාව ස්ථාපිත අලෙවියෙන් පසු සේවා ජාලය මඟින් මෙම නිමැවුම සඳහා සියලු සේවා පහසුකම් සපයයි.

TVS iQube අසමසම ක්‍රියාකාරිත්වයක් සහ අසමසම සම්බන්ධතා විශේෂාංග සපයයි. 125cc ස්කූටරයකට සමාන 4.6KW ක උපරිම බලයක් සහිත, TVS iQube තත්පර 4.2 ක් තුලදී පැයට කිලෝමීටර 40ක් දක්වා වේගයකට ලඟාවෙයි.

උසස් Lithium-Ion බැටරි තාක්ෂණය උපයෝගී කරගනිමින්, මෙම වාහනය පාරිභෝගිකයින්ට මානසික නිදහස ලබා දෙමින් දිගු බැටරි ආයු කාලයක් සහතික කරයි. Lithium-Ion බැටරි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර පාරිසරික බලපෑමද ඉතා අවම වේ.

පැය 4 විනාඩි 30 කින් බැටරිය 80% දක්වා ආරෝපණය කල හැකි, 650W ක ඕනෑම තැනකට රැගෙන යා හැකි සහ නිවසේ ඇති ඕනෑම විදුලි පේනුවකට සම්බන්ධ කල හැකි චාජරය නිසා ඔඪී සූමඉැ පාරිභෝගිකයන්ට බැටරිය ආරෝපණය කිරීමේදී මනා පහසුවක් ලබා දෙයි.

Lithium Ion බැටරි 2ක් සමඟින් මනා නිමැවුම සහ ඉහල කාර්යක්ෂමතාවයට සාක්ෂියක් ලෙස TVS iQube ශ්‍රී ලංකාව පුරාවට කිලෝමීටර් 1463ක දුරක් දින 7ක් තුල ධාවනය කර ඇදහිය නොහැකි වාර්තාවක් පිහිටුවා ඇති අතර එම ගමනේදී 16 වතාවක් ආරෝපණය කිරීමට වැය වී ඇත්තේ රුපියල් 2522ක් පමණි.

TVS iQube යනු බැටරි නිෂ්පාදනය, බැටරි කළමනාකරණ පද්ධති (BMS), වාහන පාලන ඒකකය සහ විනෝදාත්මක තොරතුරු පද්ධති ඇතුළුව විදුලියෙන් ක්‍රියාත්මක වාහනවල මුල සිට අවසාන නිමැවුම දක්වා සම්බන්ධිත හැකියාවන් ඇති ගෝලීය මූලික උපකරණ නිෂ්පාදකයින් (OEMs) කිහිප දෙනා අතර පවතින ආයතනයකි. එය සතුව EV ආශ්‍රිත පේටන්ට් බලපත්‍ර 650කට වඩා ඇති අතර, 2,000 කට අධික ඉංජිනේරුවන් පිරිසක් ද්‍රව්‍ය විද්‍යාව, විද්‍යුත් බලශක්ති සහ දත්ත විද්‍යාව වැනි උසස් තාක්ෂණයන් සමඟ නිපැයුම් කරති. එය නවීනතම ස්මාට් සම්බන්ධතාව සහ ඩිජිටල් තාක්ෂණයන්හි ප්‍රමුඛයන් අතර වේ.

මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් TVS මෝටර් සමාගමේ EV ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මනු සක්සේනා මහතා පැවසුවේ, ”TVS iQube ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙනි. TVS iQube හි ධාවන වියදම පෙට්‍රල් ස්කූටරවලට සාපේක්ෂව 85% කින් අඩු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ පාරිභෝගිකයන් හට වාර්ෂිකව රුපියල් 120,000 ක සැලකිය යුතු ඉතිරියක් ලබා දේ. TVS iQube, එහි අසමසම Lithium Ion බැටරි තාක්ෂණය සහ ගෝලීය වශයෙන් සිටින පාරිභෝගිකයින් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකගේ තෘප්තිමත් භාවයේ වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන ගමනාගමනය යළි නිර්වචනය කරනු ඇතැයි අපට විශ්වාසයි.”

TVS iQube ස්කූටරයක් රුපියල් 10,99,760 ක් මිල වන අතර එය දැන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශවල TVS ලංකා අලෙවි නියෝජිත ආයතනවලින් මිලදී ගැනීමට හෝ පරීක්ෂණ ගමන් වාරයක් සඳහා වෙන්කරවා ගැනීමට හැකිවේ. මෙම අති නවීන විදුලි ස්කූටරය පාරිභෝගිකයින්ට පහසුවෙන් මිලදී ගැනීමට හැකිවන පරිදි රුපියල් 110,000 ක මූලික ගෙවීමක් සිදුකොට ඉන්පසු රුපියල් 27,000 සිට දැරිය හැකි මාසික වාරිකයක් ගෙවාගෙන යා හැකි පහසුකම සලසා තිබේ.

Views: 0