Daraz Sri Lanka නව මූලස්ථානය ජනාධිපති අතින් විවෘත කෙරේ

Daraz Sri Lanka සමාගමේ නව ප්‍රධාන කාර්යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පසුගියදා නිල වශයෙන් විවෘත කෙරුණු අතර, එම අවස්ථාවට, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් සහ SLASSCOM හි සභාපති ආෂික් අලි යන මහත්වරු සහභාගි වූහ.

කොළඹ ඇල්විටිගල මාවතේ අංක 100/1 යන ලිපිනයෙහි පිහිටා ඇති Daraz සමාගමේ නව මූලස්ථානය සේවා නියුක්තිකයන්ට ඉඩකඩ සහිත අද්විතීය කාර්යාල පරිසරයක අත්දැකීම ලබා දෙන අතර, එමගින් ශ්‍රී ලංකාව තුළ Daraz සමාගමේ වර්ධනය ද පෙන්නුම් කරයි.

මෙම පියවර පිළිබඳව අදහස් දක්වමින් Daraz Sri Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රඛිල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, “අපගේ කාර්ය මණ්ඩලයට වගේම සමස්ත දේශීය තාක්ෂණික කර්මාන්තයටම ආදර්ශකයක් විය හැකි සේවා ස්ථානයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වුණා. මෙම නව Daraz මූලස්ථානය අපගේ සේවකයින් සඳහා දිගුකාලීන ආයෝජනයක් බව අපි විශ්වාස කරනවා. එය අපගේ යොවුන්, ජවසම්පන්න ශ්‍රම බලකායේ නිතර පරිණාමනය වන සුළු සියළු අවශ්‍යතාවලට අනුවර්තනය වන අවකාශයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මෙම නව Daraz මූලස්ථානය, එහි මානව සම්පත මෙන් ම ඔවුන් සිදු කරන කාර්යභාරයන් කේන්ද්‍ර කරගනිමින් සැලසුම් කර ඇති අතර එය කාලානුරූප කාර්යාල ගෘහ භාණ්ඩ, පැස්ටල් වර්ණ සංයෝග, ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය සහ තාප හා ධ්වනි පාලනය වැනි ගොඩනැගිලි අංගෝපකරනයන්ගෙන් සමන්විත වේ.

තට්ටු 8කින් සමන්විත මෙම මූලස්ථානය, ක්‍රීඩා කාමරයක්, වෙන්ඩින් යන්ත්‍ර, ආපනශාලා, Gym, rooftop සහ coffe shop වැනි පහසුකම්වලින් සමන්විත, කොළඹ නගරයේ ආකර්ෂණීය දර්ශන සහිත නව ගොඩනැගිල්ලක් වේ.

සමබර සහ ඵලදායී සේවා පරිසරයක් ප්‍රවර්ධනය කරන Daraz හි නව කාර්යාල පරිශ්‍රය විව්ධ වූ සේවා හා වෘත්තීයමය ක්‍රියාවලීන් සඳහා සහයෝගීතා අවකාශයන් සමඟින්, සේවකයින්ට බාධාවකින් තොරව සිය සේවා කටයුතු සිදු කිරීමේ හැකියාව ලබා දෙයි. එහි නිශ්ශබ්ද කලාප මෙන් ම සියලු පහසුකම්වලින් සමන්විත විවිධ ධාරිතාවන්ගෙන් යුත් රැස්වීම් කාමර ඵලදායී වැඩ පරිසරයක් නිර්මාණය කරමින් සියලු දෙනා නිරන්තරයෙන් දිරිමත් කරයි.

“නව කාර්යාල පරිශ්‍රය සැලසුම් කිරීම ගැන අපි බොහෝ කල්පනා කළා. සැලසුම් ක්‍රියාවලිය Daraz ශ්‍රම බලකාය මෙහෙයවන සංකල්ප ගැන දැඩි අවධානය යොමු කරමින් ආරම්භ වුණා. සේවකයින් දිරිමත් කරන, උද්යෝගිමත් කරන සේවා අත්දැකීමක් ප්‍රවර්ධනය කිරීමට අපි ප්‍රමුඛත්වය ලබා දුන්නා.” යනුවෙන් Daraz Sri Lanka සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දර්ශික අත්තනායක මහතා අදහස් දැක්වීය.

    Visits: 62