මෙරටට වැඩම කළ  අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ වැඩසටහන් රැසක් මේ දිනවලදී

පසුගිය මැයි 22 වැනිදා මෙරටට වැඩම කළ අජාන් බ්‍රහ්මවංශෝ හිමියන් සැලසුම් කළ ආකාරයට දින නමයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතව තිබේ.

උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ සිට මෙහි පැමිණි දිනයේ පටන් ධර්මය ප්‍රචලිත කිරිම හා නොයෙකුත් වැඩසටහන්වල නියැළී සිටින අතර, මෙත්තා විහාරි හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අජාන් බ්‍රහම් සංගමය (ABSSL) විසින් උන්වහන්සේගේ ගමන ඉතා හොඳින් සැලසුම් කර ඇත.

භාවනා වැඩසටහන
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මගින් පාලනය වන ජාතික නිවාඩු නිකේතනයේදී භික්‍ෂුන් වහන්සේලා 55 නමක්, භික්‍ෂුණින් වහන්සේ 44 ක් සහ ගිහියන් 58 දෙනෙකුගෙන් සමන්විත 157 දෙනෙකු වෙනුවෙන් බණ්ඩාරවෙල භාවනා අසපුවේදී දින නමයක් පුරා භාවනා වැඩසටහනක් පැවැත්වේ.

මේ පිරිස විශේෂයෙන් ඉදිකරන ලද තාවකාලික කුඩාරම්වල භාවනානුයෝගීව සිටින අතර අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ සෘජු මග පෙන්වීම යටතේ කණ්ඩායම් සැසි මැයි 23 දින ආරම්භ වූ අතර, අවශ්‍යතාවය අනුව අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ පුද්ගලික මග පෙන්වීම් ලබාගැනීමේ අවස්ථා ද ඇත. මෙම වැඩසටහන අවසන් වන්නේ මැයි 28 වන දින වේ.

ව්‍යාපාරික / වෘත්තිය පුද්ගලයින් සඳහා සැසි
මින් අනතුරුව උන්වහන්සේගේ කාර්ය බහුල කාලසටහනේ ඊළඟ කාර්යය වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික / වෘත්තිය ප්‍රජාවේ ආරාධිත සහභාගි වන්නන් සඳහා වන සැසියයි. මෙය මැයි 29 වන දින ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වේ.

එය අලුතින්ම හඳුන්වා දෙන වැඩසටහනක් වන අතර, ආකර්ශනීයව සංවිධානය කර ඇත. ප්‍රථම වතාවට වෘත්තිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කර ඇති අතර, බුදුන් වහන්සේ මෙම ගණයේ පුද්ගලයින්ට පැවසූ දෙය අදටත් අදාළ වේ.

අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය, ජීවිතයේ අත්දැකීම් සහ ලෝක ප්‍රකට භාවනානුයෝගී භික්‍ෂුවක් ලෙස එවැවනි සැසියකට මඟ පෙන්වන්නට සුදුසු සුවිශේෂීම භික්‍ෂුව වනු ඇත. මෙදින පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රතිලාභීන් බවට පත් වේ. සෑම සැසි වාරයක් ම විනාඩි 90 ක් පවතින අතර, එහිදී උන්වහන්සේ සමග සෘජු සාකච්ඡාවකට ඉඩ සැලසේ.

මහජනතාවට දහම් කතාව
උන්වහන්සේගේ කෙටි ලංකා සංචාරය තුළ ඇති වැදගත්ම අවස්ථාව වන්නේ මහජනතාව සඳහා වන දහම් දෙසුමයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ මෙම උත්සවය මැයි 30 අඟහරුවාදා BMICH හි දී පෙරවරු 7.00 ආරම්භ වී 11.00 ට අවසන් වේ. ්ඊීඛ විසින් මාර්තු මැද භාගයේදී ප්‍රසිද්ධ කරන ලද ස්ථානවලින් එකතු කරන ලද නොමිලේ ලබාදෙන අවසරපත්‍රවලින් පුද්ගලයින් 5,000 කගේ පැමිණීම අපේක්‍ෂා කරයි.

එලෙස පැමිණෙන දෙනා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා A සහ B වල අසුන් ගන්වනු ඇත. අජාන් බ්‍රහ්ම් ප්‍රධාන ශාලාවේදී ධර්ම දේශනයක් පවත්වනු ඇත. අනතුරුව තවත් දේශනයක් සහ භාවනා සැසියක් A ශාලාවේ පැවැත්වේ. උන්වහන්සේ B ශාලාවේ සිටින විට අවධානය යොමු කරන්නේ ප්‍රශ්න උත්තර වැඩසටහන් සඳහා ය.

සියලුම ශාලා සජීවීව සම්බන්ධ කර ඇත. ශ්‍රාවකයන්ට උන්වහන්සේට සවන් දෙන අතරතුර උන්වහන්සේ දැකීමටද හැකි වේ. ප්‍රධාන ශාලාවේ අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ ධර්ම දේශනා සහ අසන ලද ප්‍රශ්නවල ප්‍රධාන අංගයන්, දමිත හිමි විසින් සිංහලෙන් සාරාංශ කොට පරිවර්තනය කිරීම මගින් සහාය දක්වනු ඇත.

වැඩසටහනේ ආරම්භය සහ ප්‍රගතිය සුමටව සිදු කිරීමට හැකි වන පරිදි මැයි 30 වැනි දින පෙ.ව. 6.45 වන විට අවසරපත්‍ර අනුව අසුන්ගන්නා ලෙස ශ්‍රී ලංකා අජාන් බ්‍රහම් සමාජය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. සහභාගිවන්නන්ට මුහුණු ආවරණ පැළඳීම සහ පානීය ජලය රැගෙන එන ලෙස උපදෙස් දෙනු ලැබේ.

Visits: 48