ආර්ථික අභියෝග මධ්‍යයේ සම්පත් බැංකුව රු. බිලියන 2.6ක බදු පසු ලාභයක් වාර්තා කරයි

2023 වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වන පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.5ක බදු පෙර ලාභයක්ද රුපියල් බිලියන 2.6ක් වූ බදු පසු ලාභයක්ද වාර්තා කිරීමට සම්පත් බැංකුව සමත් වූ අතර එය 2022 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී පිළිවෙලින් 30.5% ක හා 44.3% ක පහත වැටීමකි.

මේ සඳහා කාර්තුව තුලදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 39කින් අධිප්‍රමාණය වීම හේතුවෙන් විදේශ මුදල් සංචිත මත ඇති වූ විනිමය අලාභය ප්‍රධාන වශයෙන් හේතු වූ අතර අනෙකුත් සියලුම ආදායම් පෙර වසරේ සලකා බලනු ලබන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී ඉහල ගොස් ඇත.

සම්පත් බැංකුවේ මුළු පොලී ආදායම 2023 වර්ෂයේ පළමුවන කාර්තුව තුළදී රුපියල් බිලියන 50’2ක් වූ අතර එය පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 24’9 හා සැසැඳීමේදී 102%ක වර්ධනයකි’

2022 වසරේ පළමු කාර්තුව අවසානයේදී 9.85% ක් ලෙස වාර්තා වූ සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 2023 වසරේ පළමු කාර්තුව අවසානය වන විට 21’4ක් ලෙස වාර්තා විය’ වාර්තා කරන ලද කාලපරිච්ඡේදය පුරා පැවති ඉහළ පොලී අනුපාතයන් එම කාලපරිච්ඡේදයේ පොලී ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වීමට හේතු විය.

2023 පළමු කාර්තුවේදී වාර්තා වූ පොලී වියදම රුපියල් බිලියන 32’1ක් වූ අතර එය පෙර වර්ෂයේ පළමු කාර්තුව හා සැසඳීමේදී 183% ක ඉහළ යාමකි’ මෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 පළමු කාර්තුව තුළදී ශුද්ධ පොලී ආදායමද 34% කින් ඉහළ යන ලදී’ තවද ශුද්ධ පොලී ආන්තිකය (NIM) සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා 5.60% ක් වූ අතර එය 2022 වසර අවසානය හා සැසඳීමේදී පදනම් ලකුණු 6ක පහත වැටීමකි. මේ සඳහා 2022 වසර අවසානයේ සිට සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය පහත වැටීමේ ප්‍රවණතාව මූලික වශයෙන් හේතු විය.

බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2022 පළමු කාර්තුව හා සසඳන විට 2023 වසරේ පළමු කාර්තුව තුලදී 19% කින් ඉහළ යන ලද අතර මේ සඳහා වෙළෙඳ හා ප්‍රේෂණ ආශ්‍රිත මෙහෙයුප ආදායම ඉහල යාම මූලික වශයෙන් හේතු විය.
තවද සම්පත් බැංකුව 2023 වසරේ පළමු කාර්තුව තුලදී රුපියල් බිලියන 6.9ක අපහායන අයකිරීමක් වෙන් කරන ලද අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 41% ක පහත වැටීමකි.

ඉහත අපහායන අයකිරීම ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 6.2ක්ද (2022 පළමු කාර්තුවේදී 4.9) අනෙකුත් මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 0.4ක්ද (2022 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 6.7) අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 4කින්ද ( 2022 පළමු කාර්තුවේදී – රුපියල් බිලියන 0.2) කින්ද සමන්විත විය.

මීට අමතරව 2022 පළමු කාර්තුවට සාපේක්ෂව 2023 වසරේ පළමු කාර්තුව වන විට මුළු මෙහෙයුම් වියදම් 22% කින් ඉහල යන ලද අතර මේ සඳහා පවතින උද්ධමනකාරී වාතාවරණය ඉහල යන ලද බදු, ආනායන සීමා සහ රුපියල අවප්‍රමාණය වීම හේතු විය.

Visits: 48