වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පත් කෙරේ

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පත් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023.05.24 දින සිට 2023.05.27 දින දක්වා සිංගප්පූරු හා ජපාන සංචාරයක නිරත වීම හේතුවෙන් ජනාධිපතිතුමන් විසින් මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව ජනාධිපතිතුමා මෙම සංචාරය නිමකර නැවතත් දිවයිනට පැමිණෙන තෙක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි.

Visits: 57