බැංකු රක්ෂණය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සහ සෙලාන් බැංකු අතර එකඟතාවක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම සිය බැංකු රක්ෂණ සේවාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සෙලාන් බැංකුව සමඟ  එකඟතාවයකට එළඹුණු බව පවසයි.

මෙම හවුල්කරිත්වයේ මූලික අරමුණ වන්නේ තෝරාගත් සෙලාන් බැංකු ශාඛා තුලින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සැලසුම් සෙලාන් බැංකු පාරිභෝගිකයින්ට  ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි හඳුන්වා දීමයි.    

මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වී තිබේ. මේ සඳහා ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් සිදු විය.

ඒ අනුව දිල්හාරා බොතේජු කළමණාකරු – බැංකු රක්ෂණ (සෙලාන්  බැංකුව), අවන්ති වීරසිංහ ප්‍රධාන කළමනාකාරිනී – පාරිභෝගික ණය (සෙලාන්  බැංකුව), ඉයුජින් ද අල්විස් සෙනෙවිරත්න නියෝජ්‍ය සාමාන්‍යධිකාරී – පාරිභෝගික බැංකුකරණ (සෙලාන්  බැංකුව), රමේෂ් ජයසේකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලු‍ත්ගම, නාමලී ඒ. සිල්වා නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/අලෙවි සහ බෙදාහැරීමේ ප්‍රධානී (ජීවිත රක්ෂණ), කසුන් සමීර සහකාර සාමාන්‍යාධිකාරී – අලෙවි (ජීවිත රක්ෂණ), දිනූෂ ලියනපතිරණගේ මහතා ජ්‍යෙෂ්ඨ කළමනාකරු  බැංකු රක්ෂණ (ජීවිත රක්ෂණ) යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව තිබේ.

Visits: 48