කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී වෙතින් රුපියල් 8.50 බැගින් ලාභාංශ  ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම (CARG.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 8.50ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බවද කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස මැයි 30වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 26 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම 2022/23 මූල්‍ය වර්ෂය සඳහා පළමු අතරමැදි ලාභාංශ ගෙවීම පසුගිය දෙසැම්බර් මාසයේදී සිදු විය.

එම අවස්ථාවේදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ලබාදුන්නේ රුපියල් 3.50ක ලාභාංශයකි.

මේ අතර අද දිනය වනවිට කොළඹ කොටස් හවුමාරුව තුළ කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 238.00 ක් ලෙස සටහන්ව තිබේ.

Visits: 104