SLIITහි අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ ‘Synthesis 2023 – The Magical Harmony’ වර්ණවත්ව පැවැත්වෙයි

SLIIT ආයතනයේ ප්‍රධානතම ශිෂ්‍ය එකමුතුව වන අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය (Student Interactive Society) විසින් පවත්වනු ලැබූ ‘Synthesis 2023 – The Magical Harmony’ සංගීත සැඳෑව සිසුන්ට සදා අමතක නොවන සුන්දරත්වයෙන් පිරි රාත්‍රියක අත්දැකීමක් ලබා දෙමින් පසුගියදා සාර්ථකව නිමාවට පත්විය.

ප්‍රථම වසර සඳහා සිසුන් පිළිගැනීම ඇතුළුව SLIIT හි සියලු පීඨවල සිසුන්ගේ විවිධත්වයන් හා රංගන කුසලතාවයන් මෙන්ම සිසුන් තුළ සුහදත්වය වර්ධනයකර ගැනීම සඳහා මෙම උත්සවය සුවිශේෂී අවස්ථාවක් සලසා දෙනු ලැබිණි.

මෙහිදී අදහස් දක්වමින් SLIIT හි කුලපති, මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා මෙසේ පැවසීය. ”’Synthesis 2023 – The Magical Harmony’ උත්සවය ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි වීම මෙන්ම අපගේ සිසුන් වෙනුවෙන් ඉතා විශිෂ්ට මට්ටමේ සංදර්ශනයක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයට ගෞරවය හිමි විය යුතුයි. වසර 2ක පමණ කාලයකට පසු මෙම උත්සවය සැමරීම සඳහා සිසුන්ට සමාජගත වීමට අවකාශය ලැබීම නැවුම් හුස්මක ආරම්භයක් කියා මා සිතනවා.”

මෙම උත්සවයේ ප්‍රධාන සංගීත කණ්ඩායම වූයේ ‘Daddy’ සංගීත කණ්ඩායමයි. ‘Randhir with Boombox’ හා ‘SLIIT සංගීත කණ්ඩායම’ ඇතුළු අනෙකුත් ජනප්‍රිය සංගීත කණ්ඩායම් විසින් සිසුන් වෙත ගී මිහිරක් ඇතුළු වින්දනයක් ලබා දෙමින් මෙම උත්සව සැඳෑව වර්ණවත් කළේය. සෙන්ටිග්‍රේඩ්ස්, වස්ති, දිනේෂ්, කයිසර්, හා රන්දීර් යන කලා කරුවන්ගේ ගායන හා ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් හමුවේ මෙම සංගීත සන්ධ්‍යාව තවත් වර්ණවත් විය. තවද විලාසිතා නිරූපිකාවන් ලෙස SLIIT සිසුන්ගේ විලාසිතා දැක්මක් ද සංවිධානය කර තිබිණි. විලාසිතාමය ඇඳුම් පැළඳුම් La Vivente විසින් සපයන ලද අතර ඒ සඳහා සිසුන් පුහුණු කරනු ලැබූයේ Brian Kerkoven විසිනි. මෙම උත්සවයේදී SLIIT සිසුන් විසින් ඔවුන්ගේ නර්තන අංග ඇතුළු රංගන කුසලතා රැසක් ද ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.

මෙහිදී උත්සවය පිළිබඳව අදහස් දක්වමින් SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. ”Synthesis 2023′ උත්සවයේදී සිසුන්ගේ උද්යෝගය සහ ශක්තිය දැකීමට හැකියාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මෙම උත්සවය අපගේ සිසුන්ට සුහද බැඳීමක් වර්ධනය කර ගැනීමට හා ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳව හැඟීමක් ඇති කිරීමට සහ SLIIT ආයතනය තුළ එකම පවුලක් ලෙසින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථකව කරගෙන යාමට විශාල අවස්ථාවක් සලසා දෙනවා.

අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයට සහය ලබා දෙමින් මෙම විශේෂ උත්සවය සංවිධානය කිරීම සඳහා අනුග්‍රාහක භවතුන් රැසක් සිය දායකත්වය ලබා දෙනු ලැබිණි. SLT-MOBITEL මෙම උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකභවතා ලෙසින් ඉදිරිපත්විය. සෙසු අනුග්‍රාහකභවතුන් ලෙස ishop.lk, Peoples Bank,Hatton National Bank, Elephant House, Dominos, Magiclight, La Vivente, Happy Graphics, Ceylon Textiles, Ashadi Jewellers, Supercom, Wrist Band Lanka, Brian Kerkoven, Thimac Entertainment සහ Universal Sounds යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දුනි.

Visits: 37