Dialog Enterprise 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය බල ගන්වයි

ඩයලොග් ආසියාටා පී. එල්. සී. හි ආයතනික සන්නිවේදන තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් (Dialog Enterprise), 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට (Industry 2023) ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන බව මෑතකදී නිවේදනය කළේය.

ඩයලොග් එන්ටර්ප්‍රයිස් ප්‍රධාන අනුග්‍රාහකකත්වය අඛණ්ඩව දෙවන වරටත් ලබා දෙන මෙම වාර්ෂික ප්‍රදර්ශනය 2022 දී අති සාර්ථක විය.

මෑත කාලීන ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ කර්මාන්ත යථා තත්ත්වයට පත් කිරීම වේගවත් කරමින් ඩයලොග් එන්ටර්ප්‍රයිස්, ශ්‍රී ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව මෙම ප්‍රදර්ශනය හරහා මෙරට කර්මාන්ත සඳහා වඩා ආකර්ෂණීය වේදිකාවක් ලබා දීමට  බලාපොරොත්තු වේ.

Dialog Enterprise විසින් බලගන්වන Industry 2023 ජුනි 22 සිට 25 දක්වා BMICH හිදී පැවැත්වේ වේ. කර්මාන්ත 20කට අධික සංඛ්‍යාවකින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ මහා පරිමාණ ප්‍රදර්ශකයින් ඇතුළත් ප්‍රදර්ශන කුටි 700කට අධික සංඛ්‍යාවක් සංවිධායකයින් අපේක්ෂා කරන අතර වාර්තාගත ජනකායක්  ද අපේක්ෂා කරයි.

මෙහිදී අදහස් දැක්වූ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා “අපගේ දේශීය කර්මාන්ත සඳහා සුවිශේෂී වේදිකාවක් සහ වෙළඳපොළක් ලබා දීමට මෙන්ම  ජනතාවට නව අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලෙස Industry 2023 – ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් අප හා එක්වීම පිළිබඳව හෘදයාංගම ස්තූතිය පුදකරනවා.” යනුවෙන් පැවසීය.

ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා අදහස් දක්වමින්, “ඩයලොග් එන්ටර්ප්‍රයිස්, කුඩාම ගෘහ ව්‍යාපාරවල සිට සෑම ක්ෂේත්‍රයකම ප්‍රමුඛතම කර්මාන්තකරුවන් දක්වා ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට විවිධ තාක්ෂණ සේවා සපයන අතර අති නවීන සන්නිවේදන තාක්ෂණ විසඳුම්  ප්‍රදර්ශනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මෙම ජුනි මාසයේදී Industry 2023,නැරඹීමට සහ නව නිපැයුම් එළිදැක්වීමට සියලුම ව්‍යවසායක සහ ව්‍යාපාර ප්‍රජාවට ආරාධනා කිරීමට අපි කැමැත්තෙන් සිටිනවා.” යනුවෙන් සඳහන් කරයි.

Visits: 40