සිලෝන් ටොබැකෝ වෙතින් රුපියල් 28.80 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම (CTC.N0000) මගින් සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 28.80ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කිරීමට නියමිතව තිබේ.

මෙය 2023 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූනි 12 වැනිදා ලෙස නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 23 වැනිදා ප්‍රකාශ කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සිලෝන් ටොබැකේ කම්පැනි පීඑල්සී සමාගම පවසයි.

අවසන්වරට කොළඹ කොටස් හුවාරුවෙහි ගනුදෙනු අවස්ථාවේදී සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 779.75ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 79