ජනශක්ති ලයිෆ් ඉතුරුම් සඳහා විප්ලවීය වෙනසක් එක් කරමින් ඩ්‍රීම් සේවර් හඳුන්වා දෙයි

ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, සිය රක්‍ෂණ කළඹට ඩ්‍රීම් සේවර් නමින් ඉහළ ප්‍රතිලාභ සහිත ඉතුරුම් විසඳුමක් මෑතකදී හඳුන්වාදී තිබේ.

මෙම නව්‍ය ඉතුරුම් විසඳුම ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ සහිත මධ්‍ය කාලීන හෝ දිගුකාලීන ආයෝජන සඳහා අවස්ථාව සලසාදෙන අතර එය ජීවිත රක්ෂණාවරණයක් සහ හදිසි අනතුරු මරණ ආවරණයක් සමඟින් සහතික කළ වෙළඳපොළ ඉහළ ලාභාංශ අනුපාතයක් සපයන තනි වාර්ෂික සැලසුමකි.

රු. මිලියන 1ක අවම ආයෝජන මුදලකින් ආරම්භ කළහැකි මෙම ආයෝජන අවස්ථාව, ස්ථාවර තැන්පතු ඇති පුද්ගලයන්ට මෙන්ම EPF සහ ETF අරමුදල් සඳහාද වඩාත් සුදුසු වන්නේ, ලාභාංශ ලබාගත හැකි වාර ගණන තම අභිමතය පරිදි  තීරණය කළහැකි බැවිනි.

“අපි ඉතාමත් සතුටු වෙනවා මෙවැනි ඉතුරුම් සැලැස්මක් අපේ ගනුදෙනුකරුවන්ට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව. ඩ්‍රීම් සේවර් කියන්නේ ඉහළ ප්‍රතිලාභයක් සහිත ආයෝජනයක්. එමනිසා මෙම නව්‍ය ඉතුරුම් විසඳුම අපගේ ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා මුල්‍ය කටයුතු වලට රුකුලක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය.

“අද කාලයේ මෙම වේගයෙන් වෙනස් වන පරිසරය තුළ පාරිභෝගිකයින්ගේ ක්ෂණික අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ඩ්‍රීම් සේවර් අපේ ගනුදෙනුකරුවන්ට විශේෂයෙන් හඳුන්වා දෙන්නේ මූල්‍ය ස්ථාවරත්වය සඳහා මධ්‍යම හා දිගු කාලීන සැලැස්මක් ලෙසිනුයි. මූල්‍යමය වශයෙන් අභියෝගාත්මක කාලවලදී අප ප්‍රජාවට ශක්තියක්වීමට සහමූල්‍ය අන්තරායන්ගෙන් ආරක්ෂාවීමට අපගේ විශේෂඥතාව සහ නව්‍ය ශක්තිය මෙලෙසින් අපි අඛණ්ඩව ලබාදෙනවා.” ඔහු තවදුරටත් පැවසුවේය.

Visits: 55