සැම්සුන් බලයලත් අලෙවිකරුවන් හරහා නියම වගකීමක් හා TRCSL අනුමත උපාංග මිලදී ගැනීමේ අවස්ථාව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්, සිය හවුල්කරුවන් වන Softlogic, John Keells Automation, Singer, Singhagiri, Damro, Daraz, Dialog සහ Mobitel වෙතින් TRCSL හි අනුමත උපාංග මිලදී ගැනීමේදී සැබෑ වගකීමක් ලබා දෙන බව අවධාරණය කර සිටියි.

ස්මාර්ට් ජංගම දුරකතනයක් ඔබටම අයිති බව තහවුරු කර ගැනීම සඳහා හොඳම මාර්ගය වන්නේ TRCSL හි අනුමත ජංගම දුරකතනයක් මිලදී ගැනීමයි.

නීතිමය වශයෙන් පිළිගත් මෙම අවශ්‍යතාවය හේතුවෙන් සිම් පතක් ඇතුළු කළ හැකි දුරකතන ජාලය හා සම්බන්ධ වන  ඕනෑම ආකාරයක ජංගම දුරකතන හෝ උපාංග ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට හා ගෙන ඒමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙහි (TRCSL) අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ.

පාරිභෝගිකයින් හට සුවිසල් වාසි හා වරප‍්‍රසාද හිමිකරදෙන එම වැඩපිළිවෙල හේතුවෙන් නියම වගකීමක් සහිත සැම්සුන් ජංගම දුරකතන හා උපාංග මිලදී ගැනීමේදී නිවැරදි හා TRCSL අනුමත නිෂ්පාදනයක් ලබා ගැනීම හොඳම මග වනු නිසැකය.

මෙහිදී බලයලත් සැම්සුන් වෙළෙඳසැලකින් එම නිෂ්පාදන මිලදී ගැනීම තවත් ක‍්‍රම කිහිපයකින් ඉතාම වැදගත් වන අතරම එවන් වෙළෙඳසැලක් තුළින් නිෂ්පාදන ඇනවුම් කිරීමේදී විවිධ මිල කාණ්ඩයන් පිළිබඳ සොයා බලා ඔබේ මුදල් පසුම්බියට වඩාත් ගැලපෙන නිෂ්පාදනය ලබා ගැනීමටද ඔබට හැකි වනු ඇත.

විශේෂයෙන් සෑම විටම සැම්සුන් ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී දුරකතනය දමා ඇති පෙට්ටිය මත TRCSL  ස්ටිකරය ඇත්දැයි නිරීක්ෂණ කළ යුතු අතර තමන් මිලදී ගන්නා උපාංගයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහා නිවැරදි වගකීමක් සහිත නියම නිෂ්පාදනයක් බවට තහවුරු කර ගැනීමද ඉතා වැදගත් වේ.

ඒ ආකාරයේ TRCSL අනුමත ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදීගත් විට පාරිභෝගිකයින් හට සැම්සුන් සමාගමේ වසරක වගකීම් සහතිකය අනිවාර්යයෙන් හිමි වේ. එසේම තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය TRCSL හි අනුමත දැයි සහතික කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට 1909 ට ‘IMEI (හිස්තැනක්) IMEI අංකය’ යනුවෙන් කෙටි පණිවිඩයක් යැවීම තුළින් එම උපාංගය පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමේ අවස්ථාවද සැම්සුන් උදා කර දී තිබීම සුවිසල් පහසුවක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් සැම්සුන් ශ‍්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා පවසා සිටියේ මෙවැන්නකි. ‘‘අපගේ හවුල්කරුවන් විසින් සැම්සුන් පාරිභෝගිකයින් වෙත සුවිශේෂී ගනුදෙනු හා වරප‍්‍රසාද ලබා දීමට කටයුතු කර ඇති අතර පාරිභෝගිකයින් විසින් නිෂ්පාදන මිලදී ගැනීමේදී හොඳමමිලදී ගැනීම සිදු කළ යුතු බව අපගේ විශ්වාසයයි. තමන් මිලදී ගන්නා සැම්සුන් නිෂ්පාදනයන් තුළින් හොඳමඅත්දැකීම් ලබා ගැනීම සඳහා අපගේ හවුල්කරුවන්ගේ මිලදී ගැනීමට කටයුතු කරන මෙන් සියලූ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි.’’

Visits: 74