සැම්සුන් වෙතින් සිය ඩිජිටල් ඉන්වර්ටර් මෝටර සහ කොම්ප්‍රෙෂර් සඳහා වසර 20ක වගකීමක්

සැම්සුන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය රෙදි සෝදන යන්ත‍්‍රවල භාවිතා කරනු ලබන Digital Inverter Motor සහ ශීතකරණවල භාවිත කරනු ලබන Digital Inverter Compressor සඳහා පළමු වරට වසර 20 ක් වගකීමක් හඳුන්වා දී ඇත.

ඒ අනුව වසර 20ක දීර්ඝ වගකීමේ කාලයක් ලබා දෙන දැනට වෙළඳපොලේ ඇති එකම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන්නේ සැම්සුන්ය.

නිෂ්පාදනවල විශ්වසනීයත්වය සහ කල්පැවැත්ම ඉහළ දැමීමෙන් සැම්සුන් ලබා දෙන මෙම සුවිශේෂී දීමනාව පාරිභෝගිකයින්ට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.ඒවගේම මෙමගින් ඊ-අපද්‍රව්‍ය (e-waste) අවම කිරීම, තිරසාරභාවය සඳහා දිරිමත් කිරීම සහ පාරිභෝගිකයින්ට උසස් තත්වයේ හා දිගු කල් පවතින උපකරණ ලබා දීම පමණක් නොව ඔවුන්ට තිරසාර ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා වන කැපවීම උදෙසා තවදුරටත් සහාය දක්වයි.

සැම්සුන් හි වැඩිදියුණු කළ Digital Inverter Compressor සහ Digital Inverter Motor මගින් ගුණාත්මකභාවය සහ තිරසාරත්වය සඳහා වන සමාගම සිදු කරනු ලබන ආයෝජනයන් මැනවින් පෙන්නුම් කරන අතර එමගින් අවසානයේදී පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමාගමට හැකිව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සන්ග්වා සොන්ග් මහතා පැවසුවේ ‘‘අපගේ පාරිභෝගිකයින්ට තිරසාර විසඳුම් ලබා දීම සඳහා වන අපගේ දැක්ම සමඟින් අපි අපගේ රෙදි සෝදන යන්ත‍්‍ර සහ ශීතකරණ සඳහා භාවිත කරනු ලබන ඩිජිටල් ඉන්වර්ටර් මෝටර සහ කොම්ප්‍රෙෂර සඳහා වසර 20 ක වගකීම් කාලයක් හඳුන්වා දී තිබෙනවා.නිතර නිතර ගෘහ උපකරණ මාරු කිරීම කාලය හා ශක්තිය වැය කිරීමක් පමණක් නොව භෞතිකමය වශයෙන් අපද්‍රව්‍ය එක්රැස් කිරීමක් ද වනවා.එබැවින්, මෙම මුලපිරීම මගින් අප අපගේ පාරිභෝගිකයින්ට මනසට අස්වැසිල්ලක් මෙන්ම දිගු කල්පැවැත්මක් ලබා දෙන අතරම e-waste අවම කිරීමටද අරමුණු කරනවා.’’ යනුවෙනි.

Visits: 53