වැඩි දියුණු කළ Dandex නව මුහුණුවරකින්

ශ්‍රී ලාංකේය ජනතාවගේ කෙස් කළඹ ආශ්‍රිත ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දෙමින්  දශක ගණනාවක් පුරා මෙරට පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගෙන සිටින නිෂ්පාදනයක් ලෙස Dandex ෂැම්පු 2022 වසරේ සිය 30 වන සංවත්සරය සැමරීය.

1992 වසරේ දී, Hemas Consumer Brands විසින් සායනික ෂැම්පු නිෂ්පාදනයක් ලෙස  වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් Dandex ෂැම්පූ  ඉස්සොරි සඳහා විශේෂිත ෂැම්පු නිෂ්පාදනයක් ලෙස මෙරට පාරිභෝගික ජනතාව අතර වඩාත් ජනප්‍රියය.

වසර 30ක විශ්වසනීය ඉතිහාසයක් සතු Dandexඅද වන විට නව වැඩි දියුණු  කළ Dandex Cooling + Relief, Dandex Hair Fall Control, Dandex Deep Clean + Nourish Shampoo,  යන anti-dandruff ෂැම්පු ප්‍රභේදයන්ගෙන් සමන්විතයි.

තරුණ පරපුරේ  ඉස්සොරි සහ හිස්කබල ආශ්‍රිත ගැටලු සහ ඒ නිසා සමාජීය පරිසරයේ දී මුහුණ දෙන අනෙකුත් ගැටලු අවබෝධ කර ගත් Dandex, මෙම නව හඳුන්වාදීම් තුළින්  විසදුම් ලබා දෙන්නේ පළමු සේදීමෙන්ම පටන් ඉස්සොරි ඉවත් කරන විශ්වාසය මෙන්ම භාවිතයෙන් පසු නැවුම්, ප්‍රබෝධමත් බවක් ද ලබා දෙමිනි.

මීට අමතරව Dandexපවුලට නව සාමාජිකයෙක් ලෙස “Dandexහි Head & Hair” නමින් නව ෂැම්පු නිෂ්පාදන පෙළ එක් වෙයි. හිස් කබලටත්, හිස කෙස්වලටත් පෝෂණය ලබා දීම සඳහා සකස් කර ඇති මෙම Head & hair නිෂ්පාදන පෙළ ඉස්සොරි ඉවත් කර සුසිනිඳු සහ සුමුදු කෙස් කළඹක් ලබා දීමට විශේෂිතව නිෂ්පාදනය කර ඇත. 

Dandex Head & Hair නව නිෂ්පාදන පෙළ Power Moisture,  Strong& Nourish සහ  Healthy & Fresh යන අද්විතීය ෂැම්පු ප්‍රභේද  03කින් වෙළඳපොළට හඳුන්වා දෙන්නේ ලංකාවේ කාන්තා පාර්ශවයට ගැලපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට අදාළ විසඳුම් ලබා දීමටයි.

Dandex Head & Hair 2 in 1 විශේෂඥයෙක් ලෙස විශේෂිතව වෙළඳපොළට හඳුන්වා දෙන්නේ, ඉස්සොරිවලට වෙනම නිෂ්පාදනයක් සහ සිනිඳු කෙස් කළඹක් වෙනුවෙන් වෙනම නිෂ්පාදනයක් ලෙස, ෂැම්පු වර්ග දෙකක් මිල දී ගැනීමට වෙහෙස වන කාන්තාවන්ගේ ගැටලුවලට  විසඳුම් ලබා දෙමිනි.

පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් මෙරට වෙළඳපොළ තුළ සිය ස්ථානය තහවුරු කරගැනීමට  සමත් වී ඇති Dandexෂැම්පු 100% ක් දේශීය නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය. Dandexහිස් කබලේ තෙතමනය ආරක්ෂා කර, හිසකෙස්වල නිරෝගී වර්ධනයට සහය වෙමින් නිරෝගී, දීප්තිමත් කොණ්ඩයකට අවශ්‍ය පෝෂණය සපයමින් හිස කෙස් වැටීම අවම කරයි.

එසේම හිස්සොරි ගැටලුවලට පිළියම් දෙමින් හිස්සොරි සමනය කිරීමට උපකාර කරන්නේ හිසකෙස් සහ හිස්කබල පෝෂණය කරමිනි.

Dandex වෙතින් සපයන මෙම අද්විතීය පෝෂණීය සත්කාරය, හිස්සොරි නිසා පීඩා විඳින සියලු දෙනාටම හිස නිදහසේ ඉදිරියට යාමට මග සලසන්නේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නංවමිනි.

 ශ්‍රී ලංකාවේ සෑම පවුලකම, සෑම සාමාජිකයෙක්ටම ගැලපෙන, කාන්තා පිරිමි බේදයකින් තොරව භාවිතා කළ හැකි  තාරුණ්‍යයේ විශ්වාසය හා ආකර්ෂණය දිනූ එකම ෂැම්පු සන්නාමය  වන Dandexමෙරට පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි ඉතා හොඳ අවබෝධයකින් යුතුව, සායනික පරීක්ෂණ ගණනාවකට ලක් කරමින් නිෂ්පාදනය කර වෙළඳපොළට හඳුන්වා දී ඇත. 

Visits: 46