කොළඹ පෝර්ට් සිටියට ඇතුළුවීමට නව ඇප් එකක් හඳුන්වාදෙයි

කොළඹ වරාය නගරය නැරඹීම ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා ඒ වෙත පිවිසීම පහසුකරවීමට නව ජංගම දුරකතන ඇප් වැඩසටහනක් හඳුන්වාදී ඇතැයි කොළඹ වරාය නගරය පවසයි.

Port City Colombo නම් මෙම ඇප් වැඩසටහන පසුගියදා නිල වශයෙන් එළිදක්වා තිබේ.  අද වනවිට ඇපල් ඇප්ස්ටොර් හෝ ගූගල් ප්ලේ හරහා මෙය ඩවුන්ලෝඩ් කරගත හැකිය.

මෙම ඇප් වැඩසටහන හරහා ලියාපදිංචි වීමෙන් කිසිදු අවහිරයකින් තොරව කොළඹ වරාය නගරයට පිවිසිය හැකි බව සඳහන් වෙයි.

එසේම එහි අපට සංචාරය කළ හැකි ප්‍රදේශද කලින් අනුමත කර ගත හැකිය. ඒ අනුව මෙම ඇප් වැඩසටහන පෝර්ට් සිටිය වෙත ඇතුළු වීමේ අවසර පත්‍රයක් ලෙස භාවිතා කළ හැකිබවත් සඳහන් වෙයි.

මෙහිදී පළමුවෙන්ම ඇප් වැඩසටහන වෙත ලියාපදිංචි වීම සිදුකළ යුතු අතර, දෙවැනි අවස්ථාව ලෙස පෝර්ට් සිටිය නැරඹීමට වේලාවක් සහ අනෙකුත් සේවාවන් වෙන් කරගත යුතුය. අනතුරුව පෝර්ට් සිටියේ විවිධ ක්‍රියාකාරකම් ප්‍රදේශ වෙත ඇතුළුවීමට මෙය අවසර පත්‍රයක් ලෙස භාවිතා කළ හැකිය.

මෙරට තොරතුරු තාක්ෂණික සමාගමක් වන Ambrum Solutions සමාගම මෙම ඇප් වැඩසටහන නිපදවා තිබේ.

Visits: 164