LB ෆිනෑන්ස් වෙතින් රුපියල් 2.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.00 බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව එම සමාගම සඳහන් කරයි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද සමාගම පවසයි.

මෙහිදී  ලාභාංශ ගෙවන දිනය ලෙස මැයි 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස අප්‍රේල් 25 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්දයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 120