සැම්සුන් ශ්‍රී ලංකා SLIM Kantar People’s Youth Choice Brand of the Year සම්මානය දිනා ගනී

ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය වන සැම්සුන් 2023 වසරේ SLIM Kantar People’s Youth Choice Brand සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.

ඉලෙක්ට්‍රොනික් උපකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් එම ක්ෂේත‍්‍රය තුළ සිය ආධිපත්‍ය පතුරුවා ඇති ආකාරය මෙම සම්මානය සාක්ෂි දරයි. පාරිභෝගික ඉල්ලීම් පිළිබඳ මනා අවබෝධයක් ඇති එකම සන්නාමය සැම්සුන් වීමත් මෑතකදී දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් Infinity Display හේතුවෙන් එහි වටිනාකම තවත් ඉහළ නැංවීමට සමත් වී ඇත.

මෙම වසරේදී සැම්සුන් අවධානය යොමු කරනු ලැබුවේ තරුණ ශ‍්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සපුරාලන සහ ඔවුන්ව සතුටු කරන උපකරණ සමඟින් නවීනතම ජංගම ඩිජිටල් සන්නිවේදනයයි. සිය ජීවන රටාව සහ එදිනෙදා සිදු කරනු ලබන කාර්යයන් ඉස්මතු කිරීමට සාමාන්‍ය ඡායාරූප සහ සෙල්ෆි ඡායාරූප ගැනීමේදී අනර්ඝ තත්වයේ කැමරාව සහ නවීන විශේෂාංග ගැන නිරන්තරයෙන් උනන්දුවක් දක්වන තරුණ තරුණයින්ට සැම්සුන් ජංගම දුරකතන උපාංග විවිධාකාර අත්දැකීම් සපයයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සන්ග්වා සොන්ග් මහතා පැවසුවේ ‘‘ලොව ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතනය සන්නාමය වීමට අමතරව දේශීය වෙළඳපොලේ පළමු තේරීම ලෙස සැම්සුන් හි ස්ථානය නැවතත් තහවුරු කරමින් කීර්තිමත් SLIM Kantar People’s Awards හිදී වසරේ People’s Youth Choice brand ලෙස තේරී පත් වීමට ලැබීම අප භාග්‍යයක් කොට සලකනවා. මෙම සම්මානය අපට හිමිකර ගැනීමට හැකි වූයේ විවිධ ජීවන රටාවන්ට ගැලපෙන පරිදි බලශක්ති ඉතිරි කිරීමේ devices සහ smartphones වැනි නවීන තාක්ෂණය සහ භාණ්ඩ නිෂ්පාදනය කරමින් පාරිභෝගිකයින්ගේ ජීවන තත්වය උසස් කිරීමට සැම්සුන් සමාගම දක්වන කැපවීම නිසයි.’’

‘‘අපගේ නිෂ්පාදන සඳහා දැවැන්ත වෙළඳපොළක් ඇතැයි අප විශ්වාස කරන නිසා අපගේ සන්නාමය ශ‍්‍රී ලංකාව තුළ තවදුරටත් වර්ධනය කිරීමට අපට දැඩි උනන්දුවක් තිබෙනවා. SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ලබා ගත් මෙම විශිෂ්ට ජයග‍්‍රහණය ඉතා මෑතකදී හඳුන්වා දෙන ලද S23 සහ S23 Ultra ඇතුළුව සැම්සුන් හි නවීනතම තාක්ෂණයන් පාරිභෝගිකයින්ට ලබා දීමේ අපගේ ඇති දැඩි කැමැත්ත තවත් ශක්තිමත් කරනවා.’’ යනුවෙනි.

නවතම 200MP Adaptive Pixel sensor ය සහ ඊටම සුවිශේෂී වූ ජනප‍්‍රිය S Pen සහිත Galaxy S23 Ultra සමඟින් Galaxy S23 ද ඇතුළුව Galaxy S23 කාණ්ඩය ද නවීන තාක්ෂණයකින් යුත් ප‍්‍රමුඛ පෙලේ සැම්සුන් ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් ලබා දෙයි.

අති නවීන හැඩය සමඟින් එන Galaxy S23 කාණ්ඩය මගින් පෙන්නුම් කරන්නේ නවෝත්පාදනය මගින් ප‍්‍රමුඛ පෙලේ ජංගම දුරකතන අත්දැකීමක් ලබා දීම සඳහා ඉහළ ක‍්‍රියාකාරීත්වයක් සහ තිරසාර බවක් රැගෙන එන බවයි. Galaxy S23 කාණ්ඩය පෙර සැම්සුන් smartphones කාණ්ඩයන්ට වඩා අවම පාරිසරික බලපෑමකින් යුතුව ගුණාත්මකභාවය සහ රස වින්දනාත්මක බව කැටිව ඉහළ ප‍්‍රමිතියකින් ඔබ වෙත පැමිණේ. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, අපගේ අනෙක් Galaxy smartphones වලට වඩා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද ද්‍රව්‍ය ඇතුළත් කළ අතර 100% ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ කඩදාසි භාවිත කර ඇසුරුම් පෙට්ටිය ද නිර්මාණය කිරීමට අප කටයුතු කළේය.

තවද සැම්සුන් අඛණ්ඩව වසර 16ක් පුරාවට ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස සිය ස්ථානය පවත්වා ගෙන සිටී. සුපිරි තත්වයේ රූපමය අත්දැකීම සහ ආකර්ෂණීය නිමාවෙන් යුතු Quantum Matrix Pro තාක්ෂණය සමඟින් එන ඔවුන්ගේ ප‍්‍රමුඛපෙලේ ජනප‍්‍රියතම රූපවාහිනී මාදිලිය වන Neo QLED 8K රූපවාහිනිය පෙර අත් නොවිඳි නැරඹුම් අත්දැකීමක් ඔබට ලබා දේ. SolarCell Remote, පරිසර හිතකාමී ඇසුරුම සහ වෙළෙඳපොලේ ඇති තවත් බොහෝ ප‍්‍රමුඛ විශේෂාංග හේතුවෙන් පරිශීලකයින්ට අසම සම වින්දනාත්මක අත්දැකීමක් ලබා දෙයි. 

සැම්සුන් උපකරණ කෘතිම බුද්ධියකින් (AI) බලගැන්වෙන විශේෂාංග භාවිතා කරනු ලබන අතර ක්ෂේත‍්‍රයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ඉක්මවන බලශක්ති ඉතිරිකිරීම් ලබා දීම මගින් පරිශීලකයින්ට තිරසාර නිවෙස් නිර්මාණය කිරීමට උපකාර කරනු ලබයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Visits: 26