එක්ස්පෝ ලංකා නව සභාපතිවරයා ලෙස බොකුටෝ යමයුචි පත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස බොකුටෝ යමයුචි මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

මෙතෙක් එම සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටෝෂි කනහෝරි මහතා පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට එම ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම පුරප්පාඩු වූ ධුරය සඳහා යමයුචි මහතා මෙලෙස පත් කර තිබේ.

මෙහිදී ඒ මහතාගේ පත් කිරීම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදු වූ බවත්, 2023 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම වලංගු බවත් සමාගම පවසයි.

බොකුටො යමායුචි මහතා එම පත්වීම ලබන අවස්ථාව වනවිටත් එම සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

එසේම ඒ මහතා එක්ස්පෝ ලංකා හෝල්ඩිග්ස් පීඑල්සී සමාගමෙහි වැඩි කොටස් හිමිකාරීත්වය සහිත ජපානයේ SG Global සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කරයි.

බොකුටො මහතා සතුව වසර 20කට ආසන්න කාලයක ලොජිස්ටික් ව්‍යාපාරික සේවා සම්බන්ධයෙන් අත්දැකීම් පවතින බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 193