සෙලින්කෝ ලයිෆ් 35 වැනි සංවත්සරය අති උත්කර්ශවත් ලෙස සමරයි

සෙලින්කෝ ලයිෆ් සිය 35වැනි සංවත්සරය සහ වෙළෙඳපොළ නායකත්වයේ 19වන සංවත්සරය, දර්ශනීය වාර්ෂික සම්මාන උළෙලක් සමඟින් පසුගියදා සැමරීය. එහිදී 2022 වසරේ සමාගමේ ප‍්‍රතිඵල සඳහා විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන්, සුවිශේෂී දස්කම් දැක්වූවන් 259 දෙනෙකු සඳහා සම්මාන සහ ත්‍යාග පිරිනැමීමද සිදුව තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති මෙම සම්මාන උළෙල සහ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී සමස්ත සම්මාන 350ක් පිරිනැමිණි. මෙම උළෙලේ සුවිශේෂී අංගයක් වූයේ, ප‍්‍රමුඛ පෙළේ ජයග‍්‍රහකයින් දෙදෙනෙකු වූ බම්බලපිටිය ශාඛාවේ ආර්. පී. ජී. ද සිල්වා මහතාට සහ කොටහේන ශාඛාවේ කේ. බී. ඒ. තූෂාර මහතාට සමාගම විසින් නඩත්තු කරණු ලබන රථවාහන දෙකක් ප‍්‍රදානය කිරීමය.

මේ අතර 2022 ‘මිලියන් ඩොලර් රවුන්ඞ් ටේබල්’ (Million Dollar Round Table) සඳහා සුදුසුකම් ලැබූ, විකුණුම් බළකායේ වාර්තාගත සාමාජිකයින් 214 දෙනෙකුට උපහාර පිදීම ඉතිහාසගත වාර්තාවක් වූ අතර, එය සමාගමට විශිෂ්ඨ ජයග‍්‍රහණයක්ද විය. එපමණක් නොව ‘හයි ෆ්ලයර්’ (High Flyer) සම්මානලාභීන් හට කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් පැකේජයක්ද පිරි නැමිණි.

මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ‘ලොව පුරා ජීවිත හා රක්ෂණ ප‍්‍රවර්ධනය සඳහා වූ පදනමේ’ (FALIA) කළමනාකාර අධ්‍යක්‍ෂ මසායුකි ටනාකා මහතා සහභාගි විය.

සම්මාන උළෙල අමතමින් සෙලින්කෝ ලයිෆ් කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා, ‘අපගේ 35වැනි සංවත්සරය සමරන 2023 වසර සමාගමේ ඉතිහාසයට වැදගත් වසරක් වෙනවා. ගෝලීය වසංගතයක් සහ මෑතක සිට ශ‍්‍රී ලංකාවේ ඇති වූ දේශපාලනික හා ආර්ථික අර්බුදය මධ්‍යයේ අපි වසර 03ක් ගතකර තිබෙනවා. අඛණ්ඩව වසර 19ක් පුරාවට අපගේ සමාගම ප‍්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම බවට පත්කිරීමට දරන ලද දායකත්වය සහ උත්සාහයට ඔබ සැමට මම ස්තුතිවන්ත වෙනවා,’ යනුවෙන් පැවැසීය.

මෙම වසරේ ඉහළම සම්මානලාභීන් වූයේ, හොඳම සමස්ත ප‍්‍රාදේශීය විකුණුම් කළමනාකරු, මඩකලපුව කලාපය – එස්. වෙනුකරන් මහතා, හොඳම සමස්ත ජීවිත රක්‍ෂණ උපදේශක – අම්බලන්තොට ශාඛාවේ ඒ. අයි. පී. මංජුල මහතා, හොඳම සමස්ත ඒකක ප‍්‍රධානී – වැල්ලවත්ත ශාඛාවේ ඒ. ආර්. එෆ්. රිස්නා මහත්මිය සහ හොඳම සමස්ත ශාඛා ප‍්‍රධානියා නෙල්ලියාඩි ශාඛාවේ වී. බාස්කරන් මහතා යන අයයි.

Visits: 54