ලංකා වෝල්ටයිල්ස් වෙතින් කොටසකට රුපියල් 6.30 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවාමාරුවෙහි ලැයිස්තුගත ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම (LWL.N0000)සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 6.30ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 11 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 20 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ලංකා වෝල්ටයිල්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 59.30ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 53.00ට සාපේක්ෂව රුපියල් 6.30ක එනම් 11.89%ක ඉහළ යාමකි.

Visits: 156