ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ IMF ප්‍රධානී අතර Zoom සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර පසුගිය මාර්තු 02 වැනිදා Zoom සාකච්ඡාවක් පැවැත් වුණු බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සහ ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව සඳහන් වෙයි.

විශේෂයෙන්ම අද වනවිට ශ්‍රී ලංකාවේ සියලුම හවුල්කරුවන් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් සර්වශුභවාදී අදහසකින් පසුවන බවත් රජයේ අදහස වී තිබේ.

Visits: 100