ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ 8.98%ක පසුබැසීමක්

2023 වසරේ ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,001.9ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

2023 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් එම මණ්ඩලය මේ පිළිබඳව පවසා සිටියි.

ඒ අනුව මෙය 2022 වසරේ ජනවාරි මාසයේදී හිමිකරගත් ඩොලර් මිලියන 1,100.9ක අපනයන ආදායම හා සැසඳීමේදී 8.98%ක පසුබැසීමකි.

මෙහිදී 2023 වසරේ ජනවාරි මාසයේදී වැඩිම අපනයන ආදායමක් හිමිකරගෙන ඇත්තේ ඇගලුම් හා රෙදිපිළි ක්ෂේත්‍රය මගිනි. එසේම තේ සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනද එහි ඉදිරියෙන් සිටියි.

මේ අතර 2023 ජනවාරි මාසෙය්දී මෙරටින් වැඩිම වටිනාකමින් යුත් අපනයන ප්‍රමාණයක් සිදු කෙරුණු රට වන්නේ එක්සත් ජනපදයයි. එය ඩොලර් මිලියන 254.78කි. එසේම එක්සත් රාජධානිය වෙත ඩොලර් මිලියන 77.42ක සහ ඉන්දියාව වෙත ඩොලර් මිලියන 68.58ක අපනයන සිදු කර තිබේ.

Visits: 70