බෝගල ග්‍රැෆයිට් සමාගම සිමෙන්ති හා රබර් හි ශක්තිය ඉහළ නංවන නව රසායනිකයක් හඳුන්වා දෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගම මගින් සිමෙන්ති හා රබර් නිෂ්පාදනයේදී ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය GRAPHENE OXIDE නම් නව රසායනිකයක් හඳුන්වා දීමට සමත්ව ඇතැයි පවසයි.

මෙම නව රසායනිකය තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට හඳුන්වා දීම ඊයේ දිනයේදී තාක්ෂණ අමාත්‍යාංශයේ සිදුව තිබේ.

බෝගල ග්‍රැෆයිට් සමාගම සඳහන් කරන ආකාරයට මෙම GRAPHENE OXIDE රසායනිකය, සිමෙන්ති, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනයයේදී අගය එකතු කළ නිෂ්පාදන ලෙස හඳුන්වා දීමට හැකිය.

ඒ අනුව දැනට සිදුකරන පර්යේෂණ සාර්ථක වුවහොත් මෙරට සිමෙන්ති නිෂ්පාදනයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත්, එම රසායනිකය යොදා ගැනීමට හැකිබව බෝගල GRAPHITE සමාගම පෙන්වා දෙයි.

මෙම GRAPHENE OXIDE රසායනිකය, GRAPHENE රසායනිකයට පහළ ශක්ති මට්ටමක පවතින රසායනිකයකි. GRAPHENE යකඩ මෙන් දෙසීය ගුණයක් හා තඹ ලෝහය මෙන් සිය ගුණයක විද්‍යුත් සන්නායකතාවය සහිත ශක්තිමත් රසායනිකයකි. නමුත් GRAPHENE රසායනිකය සිමෙන්ති හෝ රබර් සඳහා මිශ්‍ර කිරීමට නොහැකිය.

කෙසේ නමුත් බෝගල GRAPHITE සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන GRAPHENE OXIDE රසායනික විශේෂත්වය වන්නේ සිමෙන්ති හෝ රබර් සමග මිශ්‍ර කිරීමට හැකි වීමය. එමෙන්ම එය සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේදී එහි ශක්තිය වැඩි කිරීමට ද යොදා ගත හැකි බව බෝගල ග්‍රැෆයිට් සමාගම පෙන්වා දේ.

Visits: 181