සේවක සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනය ලෙස යුනිලිවර් ඇගයීමට

ලංකා වාණිජ මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මෙහි දී සේවක සබඳතා වර්ධනය කිරීම් කාණ්ඩයේ හොඳම ආයතනය ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සම්මානයට පාත්‍ර විය.

සිය සේවක ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග රාශියක් පදනම් කරගෙන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට මෙම ගෞරවනීය සම්මානය හිමි විය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේදී ව්‍යාපාරික ආයතනයකට ලබා ගත හැකි ඉහළම ආයතනික ගෞරවයන් අතරින් එකකි. දේශීය ආර්ථිකයට, ප්‍රජාවට සහ පරිසරයට සිය උපරිම දායකත්වය සපයන ආයතන මෙහිදී ඇගයීමට ලක් කෙරේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සභාර්වාල් මහත්මිය මෙසේ පැවසීය. “මෙම සම්මානය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. අප අනුගමනය කරනු ලබන කාලෝචිත සහ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති තුලින් අපගේ ප්‍රජාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කිරීමට අපට හැකියාව ලැබී ඇති බවට මෙම සම්මානය කදිම සාක්‍ෂියක්. පවතින ආර්ථික අර්බුදය පුරාවටම යුනිලිවර් සමාගම අපගේ ශ්‍රම බලකායට සහ ව්‍යාපාරික හවුල්කරුවන්ට ශක්තියක් වන්නට නිරන්තරයෙන් ඇප කැප වුණා.

“පවතින අසීරු අවස්ථාවේ දී අපගේ ප්‍රජාවගේ යහපත උදෙසා අප විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මේ අතුරින් සුවිශේෂීයි. මූල්‍යමය හා මූල්‍යමය නොවන සහායන් සැපයීම, නිෂ්පාදන සඳහා වට්ටම් හා අනෙකුත් දීමනා ක්‍රම ලබා දීම එසේ අප විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිහිපයක්. එසේම අපගේ කර්මාන්තශාලා ශ්‍රම බලකායෙන් 100% ක් සහ කාර්යාල සාමාජික ප්‍රජාවගෙන් 90% ක් මානසික සෞඛ්‍යය ශූරයන් ලෙස පුහුණු කිරීමද මෙහිදී අප විසින් සිදු කරනු ලැබුවා”

තවදුරටත් අදහස් දක්වමින් සභාර්වාල් මහත්මිය මෙසේ පැවසීය. “මෙම දුෂ්කර කාල සීමාවේදී අප විසින් ගනු ලැබූ මානුෂීය ක්‍රියාමාර්ගයන් පිළිබඳව මම නිහතමානීව සතුටු වෙනවා. ඒ තුළින් අපේ සාමාජික ප්‍රජාව තුළ වඩාත් ශක්තිමත් අරමුණු ස්ථාපිත කිරීමට අපට හැකියාව ලැබුනා. එක් එක් පුද්ගලයන්ට ඇති විවිධ වූ හැකියාවන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගීමට අපට ඇති හැකියාව මම දැඩි ලෙස විශ්වාස කරනවා”.

මේ පිළිබඳව අදහස් දක්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනී හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය මෙසේ සඳහන් කළාය. “හොඳ ආයතනික පුරවැසියෙකු ලෙස මෙවරත් පිළිගැනීමට ලක්වීම අපට ඉමහත් ගෞරවයක්. ව්‍යාපාර තිරසාරභාවය සඳහා අපගේ උත්සාහයන් ඇගයීමට ලක් කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයට ස්තූතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. වඩාත් සාධාරණීය ලෝකයක් ගොඩනැගීමේ අරමුණින් යුතුව, අපගේ ප්‍රජාවගේ සැබෑ අවශ්‍යතා සපුරාලීමටත් අපගේ යුනිලිවර් පවුල සවිබල ගැන්වීමටත් අපි ඉදිරියටත් නිරන්තරයෙන් කටයුතු කරනවා”.

පසුගිය වසර 2 තුළ, සමාගම විසින් Fertility Support, Domestic Violence Support සහ Menstrual Leave යන අංශ තුනෙන් ශ්‍රී ලංකාවේ FMCG කර්මාන්තය තුල ප්‍රථම වරට ප්‍රතිපත්ති හඳුන්වාදීම සිදු කරන ලදී. තවද යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් දීර්ඝ කරන ලද මාතෘ සහ පීතෘ නිවාඩු මෙන්ම රැකියා විරාමයන් ද පිරිනමනු ලබන අතර එමඟින් සේවකයන්ට රැකියාවේ යෙදී සිටියදී ම ඔවුන්ගේ පුද්ගලික අරමුණු කරා යාමට ද අවස්ථාව විවර කර දෙයි.

Visits: 65