ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ෆයිසාල් සාලි පත් කෙරේ

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ෆයිසාල් සාලි මහතා පත් කළ බව එම කොමිෂන් සභාව පවසයි. ඊයේ දිනයේදී මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

බැංකුකරණය පිළිබඳ අත්දැකීම් සහිත සාලි මහතා මේ වනවිට ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වාණිජ හා සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති සාලී මහතා ANZGrindlays බැංකුවේ ආයතනික සහ වෙළඳ බැංකු ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබේ.

එසේම NDB  බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසත්, NDB Housing Bank හි විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත්, අමානා බැංකුවේ ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් සහ Cargills බැංකුවේ සහ HNB General Insurance හි ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් ඒ මහතා කටයුතු කර තිබේ.

මෙතෙක් කලක් එම ධුරයේ කටයුතු කළ ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතාගේ ඉවත් වීමෙන් අනතුරුව ෆයිසාල් සාලි මහතා මෙම ධුරය සඳහා පත් කෙරී තිබේ.

Visits: 66