Rakuten Viber, නව Chatbot විශේෂාංගය හරහා AI තාක්ෂණ හැකියාවන් විවෘත කරයි

Rakuten Viber විසින් පරිශීලකයින් වෙත AI Text සහ රූප ජනනය කිරීම (Image Generators) සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙමින් AI Chat සහ Create,ලෙස නම් කර ඇති නව chatbot විශේෂාංගයක් එළිදක්වා ඇත.

DALL-E සහ Davinci වැනි උත්පාදක AI තාක්ෂණයෙහි ඉහළ මට්ටමේ මොඩියුල ඒකාබද්ධ කිරීම මගින්, Viber යෙදුම තුළ පරිශීලකයින් හට chatbot හරහා ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට හෝ සුවිශේෂී වූ රූප නිර්මාණය කිරීමෙන් එහි නිර්මාණශීලිබව පරීක්ෂා කර බැලීමට ඉඩ සලසනු ඇත.

ලෝකය පුරා වේගවත්ව භාවිතයට ගනු ලබන නවතම AI තාක්ෂණ මෙවලම් පාරිභෝගිකයින් හට භාවිතා සඳහා උත්සාහ කිරීමට අවශ්‍ය සෑම AI තාක්ෂණ සේවාවක් සඳහාම නව ගිණුමක් ආරම්භ කළයුතුය. බොහෝ විට පාරිභෝගිකයා හට AI තාක්ෂණය ක්‍රියා කරන ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් සහිත තාක්‍ෂණික දැනුමක් තිබිය යුතුවේ.

Viber හි අරමුණ වන්නේ AI තාක්ෂණය පිළිබඳ උනන්දුව ඇතිවන පරිදි, AI සඳහා වඩාත් ප්‍රවේශ විය හැකි සහ එය භාවිතා කරන්නන් සඳහා එම තාක්ෂණය පහසු කර දීමය.

Viber තාක්‍ෂණය සහ පරිශීලකයා අතර අන්තර් සබඳතාවක් ලෙස ක්‍රියා කරමින් සෑම පුද්ගලයකුටම ඔවුන්ගේ විද්‍යුත් තැපෑලට ප්‍රවේශය ලබා දීමෙන් තොරව හෝ එක් එක් සේවාව සඳහා වෙනම ගිණුමක් නිර්මාණය කිරීමකින් තොරව නවමු අත්දැකීම ලබා ගැනීමට ඉඩ සලසා දෙයි.
මෙහි කෙටි අවස්ථා කිහිපයකින් පරිශීලකයින් හට මිතුරන් සමඟ කතාබස් කිරීමට, Bot භාවිතා කිරීමට, ඔවුන්ගේ නිර්මාණ බෙදා ගැනීමට හෝ ගැටළුවකට ආයාසයකින් තොරව පිළිතුරු ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Rakuten Viber හි ප්‍රධාන විධායක නිලධාරී ඔෆිර් ඉයාල් මෙසේ පැවසීය. ” අපි මෙම කර්මාන්තයේ ප්‍රමුඛතම AI මෙවලම් සඳහා සෘජුවම විශේෂාංග යෙදුම මත ප්‍රවේශය සපයාදෙනු ලබන අතර ඒ මඟින් පරිශීලකයින්හට සිය නිර්මාණ හෝ පිළිතුරු ඉක්මනින් හුවමාරු කිරීමට හැකියාව සලසනු ලබයි. මේ වන විට Chatbot විකල්ප දෙකක් ලෙස එකක් පින්තූර සඳහා සහ අනෙක Text සඳහා ඉදිරිපත් කර ඇති අතර අනාගතයේ දී අඛණ්ඩව මෙවැනි විකල්ප අවස්ථාවන් තවත් පුළුල් කිරීම අපගේ අපේක්ෂාවයි.”
මේවන විටත් Chatbot සඳහා ග්‍රාහකයින් 6,000කට අධික ප්‍රමාණයක් සහ 250,000 කට වැඩි ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් සිටින අතර එය නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතී.

Visits: 40