වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සුළං සහ සූර්ය විදුලි උත්පාදනයෙන් ආදායම් ඉහළට, ජල විදුලි ආදායම් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම (WIND.N0000) 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය තුළදී සුළං සහ සූර්ය බල උත්පාදනය හරහා ලැබූ ආදායමේ වර්ධනයක් පෙන්නුම් කළත්, ජල විදුලි බල උත්පාදනය හරහා ලැබූ ආදායමේ පසුබැසීමක් පවතින බව පවසයි.

එම සමාගම මගින් 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය සඳහා නිකුත් කළ කාර්තුමය මූල්‍ය ප්‍රකාශනය එළිදක්වමින් මෙම කරුණු සඳහන් කර සිටියි.

ඒ අනුව වින්ඩ් ෆෝර්ස් පීඑල්සී සමාගම 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය සඳහා සුළං විදුලි බල උත්පාදන ක්ෂේත්‍රය හරහා ලබා ඇති ආදායම 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය හා සැසඳීමේදී 3%ක වර්ධනයක් පෙන්නුම් කරන බව එම සමාගම පවසයි.

විශේෂයෙන්ම පසුගිය 2021 වසරේදී විවිධ දෝෂයන්ට ලක් වූ DLRE (Daily Life Renewable Energy) සහ Powergen සමාගම්හි සුළං විදුලි බලාගාර ඒවායේ උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වූ බවත්, ඒ හරහා ඒවායේ විදුලිබල උත්පාදනය පිළිවෙලින් 9෴කින් සහ 2෴කින් ඉහළ ගිය බවත් සමාගම පවසයි.

එසේම 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂයේදී සූර්ය විදුලිබල ක්ෂේත්‍රය තුළ ආදායම් උත්පාදනය පෙර වසරට සාපේක්ෂව 27%කින් ඉහළ ගොස් ඇතැයිද සමාගම පවසයි.

එහිදී මෙම ආදායම් ඉහළ යාම සඳහා වැඩිම දායකත්වය උගන්ඩාවේ පිහිටි ටොරෝරෝ-උගන්ඩා සූර්ය විදුලිබලාගාර ව්‍යාපෘතිය හරහා ලැබී ඇත අතර, එහි ආදායම් වර්ධනය 82%කි. විශේෂයෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණයවීම නිසා ඇති වුණු විනිමය අනුපාතයේ වෙනස්වීම හේතුවෙන් මෙය සිදුවුණු බවත් සමාගම පවසයි.

මේ අතර 2021 වසරේදී සමාගම මගින් අත්පත් කරගත් Sky Solar සමාගමේ මෙහෙයුම්ද 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය තුළදී සිය ආදායම් ඉහළ නැංවීමට දායක වූ බවත් වින්ඩ් ෆෝර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී සිය ජල විදුලි බලාගාර ක්ෂේත්‍රය තුළ විදුලි බල උත්පාදනය 2021 දෙසැම්බර් 31න් අවසන් වූ වර්ෂය හා සැසඳීමේදී 8%ක පසුබැසීමක් බවද සමාගම පවසයි.

එහිදී සිය සමාගමට අයත් Terraqua Kokawita ජල විදුලි බලාගාරයේ සිදුකළ තාක්ෂණික යාවත්කාලීන කිරීම සහ බෝවතැන්න ජලාශයේ දොරටුවේ සිදුකළ අලුත්වැඩියාව හේතු වූ බවත් සමාගම පවසයි. ඒ අනුව 2022 දෙසැම්බර් 31 වැනිදා වන විට සමාගමේ ආදායම් උත්පාදනය 5%කින් පහත වැටුණු බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 128