ඩිල්මා සිලෝන් ටී වෙතින් රුපියල් 10.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම (CTEA.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 10.00 බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් බව සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 14 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන පෙබරවාරි 21 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

අද දිනයේ කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු අවසානයේදී ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 1,089.25ක් ලෙස සටහන්ව තිබුණි. එහිදී ගනුදෙනු වී තිබූ කොටස් සංඛ්‍යාව 6කි.

Visits: 70